*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

හරියට කෙරුණු OIC මාරුවට එරෙහිව ආණ්ඩුවේම පිරිසකගෙන් ඇමති ටිරාන්ට ඉල්ලීම් !

පොලිස් ස්ථාන 260ක් සඳහා නව ස්ථානාධිපතිවරුන් පත්කරමින් ඊට අදාළ ලැයිස්තුව ඊයේ (23) දිනයේදී නිකුත් කර තිබිණි. කෙසේවෙතත් මෙම ස්ථාන මාරු සම්බන්ධයෙන් උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ වනවිට තමන්ට අවශ්‍ය අය එක් එක් පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් වශයෙන් පත්කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින බව ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙවර පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබුණේ ඊට අදාළ නිසි වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරමිනි. එනම්, කිසිදු දේශපාලන බලපෑමකට කිසිදු ඉඩක් නොතබමිනි.

ඒ අනුව මුලින්ම පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබුණු අතර ඊට අයදුම්පත් 1300 කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබිණි. ඒ සඳහා පත්කෙරුණු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් එම පිරිස සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරන ලද අතර එහිදී අයදුම්කරුවන් 1024 දෙනෙකු එම මණ්ඩලය විසින් තෝරාගෙන තිබිණි. එම නාමලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව තෝරා නොගැනුණු අය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබාදෙන ලදී. එම දින 14 තුළ අභියාචනා ඉදිරිපත් කළ අය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අභියාචනා මණ්ඩලයක් පත්කෙරුණු අතර එහිදී තවත් 67 දෙනෙකු තෝරාගන්නා ලදී.

ඒ ආකාරයෙන් තෝරාගන්නා ලද 1091 දෙනෙකුගේ නාමලේඛනය අවසානයේ ප්‍රකාශයට පත්කෙරුණු අතර ඒ ඒ නිලධාරීන්ගේ සුදුකම් අනුව ඔවුන්ව A1, A2, A3, B, C, D වශයෙන් ශ්‍රේණිගත කර තිබිණි. ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන ද ඒ ආකාරයෙන්ම ශ්‍රේණිගත කර තිබෙන හෙයින් ගැලපෙන අයට අදාළ පත්වීම් ලබාදෙන ලදී.

මෙහිදී තවත් කරුණයක් සැලකිල්ලට ගෙන තිබිණි. එනම් ඒ ඒ නිලධාරියාගේ උපන් ගම හෝ පදිංචි ගම හෝ බිරිඳගේ ගමට පත්වීම් ලබා නොදීමටයි.

එලෙසින් සකස් කෙරුණු ස්ථාන මාරුවීම් ලේඛනය ඊයේ ප්‍රසිද්ධියට පත්කෙරිණි. ඇත්තෙන්ම මෙය සම්පූර්ණයෙන්ම නිසි ක්‍රමවේදය අනුගමන කරමින් පොලිස් ස්ථානාධිපති පත්වීම් ලබාදුන් පළමු අවස්ථාව වශයෙන් සැලකිය හැකි බවයි පොලිස් ආරංචිමාර්ග පැවසුවේ.

එසේ තිබියදීත් අද (24) දිනය වනවිට ආණ්ඩු පක්ෂයේම පාර්ලිමේන්තු නියෝජිතයින් කිහිප දෙනෙකු මෙම ලැයිස්තුවට එරෙහිව මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ඉල්ලීම් ඉදිරිපත් කරමින් බලපෑම් කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. ඒ, තමතමන්ගේ හිතවතුන් තමන්ට අවශ්‍ය පොලිස් ස්ථාන සඳහා පත්කර දෙන ලෙස ඉල්ලමිනි.

ඇත්තෙන්ම දන්නා කාලයක් තිස්සේ අපේ රටේ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කෙරුණේ ඒ ඒ ප්‍රදේශවල සිටින ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතුන්ට ඕනෑ ඕනෑ පරිද්දෙනි. එසේ පත්කරගත් දේශපාලන හිතවතුන් වැඩ කළේ අදාළ දේශපාලනඥයාට ඕනෑ හැටියට ය. පසුගිය මහා ජන අරගලය ආරම්භ වුණේ ද මෙවැනි දේශපාලනඥයින්ගේ දූෂිත ක්‍රියාකාරකම්වලට එරෙහිව ය. එහෙත් ඒ දේශපාලනඥයින් තවමත් පාඩමක් ඉගෙන ගෙන නොමැති බව පෙනෙන්නේ ඔවුන් තවදුරටත් තමන්ගේ පැරණි දූෂිත ක්‍රියාවලියම ඉල්ලමින් බලපෑම් කරන්නට පටන් අරගෙන ඇති නිසා ය. ඔවුන් මේ නටන්නේ යළි අරගලයක් කැඳවා ගන්නා පැත්තට ය.

මේ අතර ඇතැමුන් ප්‍රචාරය කරමින් සිටින්නේ මෙම ස්ථානාධිපති පත්වීම්වලට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා එරෙහි වී ඇති බවටත් ඔහු මෙම ලේඛනයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇති බවටත් ය. එහෙත් එම ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු පැවසීය. මෙම සියලුම නාමලේඛන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකර ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධියට පත්කර ඇති බවයි එම නිලධාරියා ප්‍රකාශ කළේ.

ඒ අනුව අපට කියන්නට ඇත්තේ එක දෙයකි. දේශපාලනඥයින්ගේ වුවමනාවට ඔවුන්ගේ හිතවතුන් පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර එවන ක්‍රමවේදයක් ජනතාවට කොහෙත්ම වුවමනා නැත. නිසි ක්‍රියා පටිපාටියට අනුව සිදුකර ඇති පත්වීම් වෙනුවට තම තමන්ගේ හිතවතුන් පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර ගැනීමට තවදුරටත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් උත්සාහ කරන්නේ නම් ඔවුන්ගේ නාමලේඛනය හෙළිකිරීමටත් අප සූදානම් ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan