යුක්රේන යුද්ධයට රුසියාව තනිව වගකිව යුතු නැත – පුටින්

Date:

යුක්රේන යුද්ධයට රුසියාව තනිව වගකිව යුතු නැති බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ, රුසියානු හමුදා ප්‍රධානීන් පිරිසක් සමග සිදුකළ රූපවාහිනි දේශනයක් අතරතුරදීයි.

රුසියාව දිගින් දිගටම යුක්රේනය සිය සහෝදර ජාතියක් ලෙස සැලකූ නමුත් බටහිර රටවල යම් බලපෑම් හමුවේ මෙම තත්ත්වය ඇති වූ බවට ඔහු ඇඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පසුගිය පෙබරවාරි මාසයේදී ලක්ෂ දෙකක පමණ රුසියානු හමුදා භට පිරිස් යුක්රේනයට යැවීමත් සමග යුද්ධය ආරම්භ විය.

මේ අතරේ යුක්රේන ජනාධිපතිවරයා ඊයේ ධවල මන්දිරයේදී අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවී තිබේ.

එහිදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රුසියාව සහ යුක්රේනය අතර සාමය පිළිබඳව නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ තමන් මත අමානුෂික ලෙස පටවන ලද යුද්ධයක සාධාරණ සාමයකට ඉඩක් ඔහු නොදකින බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...