*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයා සජිත් බව ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන් දැනටත් පිළිඅරන් – අශෝක් (VIDEO)

ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව දැනටමත් ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන් පිළිගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

“දැන් ලෝක නායකයො පිළිගන්නවා මේ රටේ එකම විකල්ප නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා බව. දැන් ඒක පිළිගනිමින් යනවා. ලෝකයේ රටවල්වලට මේ රජය කෙරෙහි විශ්වාසයක් නෑ. ඒක නිසා නෙ ණය දෙන්නෙ නැත්තෙ. ණය දෙන රටවල් ණය දෙන්නෙ නෑ. ශ්‍රේණිගත කිරීම් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. S & P විතරයි තව පල්ලෙහාට දාන්න තියෙන්නෙ. මූඩීස්, ෆිච් දෙකම අපිව පල්ලෙහාට දාලා තියෙනවා. ලෝකෙ රාජ්‍යයන් අපිව ප්‍රතික්ෂේප කරනවා. හැබැයි එහෙම තත්වයක් තුළ ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන් අපේ රටේ ඊළඟ ආණ්ඩුව, විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය කියලා පිළිඅරන් තියෙනවා. විකල්ප රාජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා බව පිළිඅරන් තියෙනවා.

ඒක නිසා තමයි ඊයෙ වෙද්දී චීන රජය විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාට රුපියල් මිලියන 20කට ආසන්න ආධාර දුන්නෙ උතුරු නැගෙනහිර වෙනුවෙන් රුධිර කාන්දුකරණ පෙරණ යන්ත්‍ර ලබාගැනීම සඳහා. ඔවුන් ඇවිල්ලා, විපක්ෂ නායකතුමා හම්බුවෙලා ඒ ආධාර කළේ. විශේෂයෙන්ම කොයි රටේද විපක්ෂයක් ජනතාවට මේ විදියට සහන සලසන්නෙ ? විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන තුළින් දැන් මේ වනවිට රුපියල් කෝටි 15කට වැඩි මුදලක් විපක්ෂ නායකවරයා මේ රටේ රෝහල් සඳහා වියදම් කරලා තියෙනවා. මුදල් වෙන් කරලා, ඒවාට උපකරණ ලබාදීලා තියෙනවා. ඊයෙ චීන රජය, විශේෂයෙන්ම ලංකාවෙ චීන තානාපතිවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා හම්බුවෙලා, කෝටි දෙකකට ආසන්න මුදලක් අපට ලබාදුන්න ඒ උපකරණ ලබාගන්න. ඇයි ? ඔවුන් විශ්වාස කරනවා මේ රටේ විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය, විකල්ප නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා.

ඊයෙ පෙරේදා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවෙ ගිහිල්ලා ණය ඉල්ලනවා. ණය ඉල්ලද්දී ඔවුන් විපක්ෂ නායකතුමාගෙන් අහනවා අපි මේ ණය දුන්නාට කමක් නැද්ද කියලා. ඉන්දියාව අහනවා විපක්ෂ නායකතුමාගෙන් ! ඇයි ? ඔවුනුත් පිළිගන්නවා ඊළඟ ආණ්ඩුව සමගි ජන බලවේගයේ, ඊළඟ රාජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කියලා. ඒ හින්දා එතුමා විපක්ෂ නායක ඉද්දිත් එතුමාගෙන් අහනවා. දැන් ලෝකයේ රාජ්‍ය නායකයො, ලෝකයේ රටවල් මේ රටේ මීළඟ විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය සහ විකල්ප නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා බව පිළිගනිමින් තමා යන්නෙ. ඒක දැන් හොඳට පේනවා”

අශෝක් අබේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan