අල්ලස් සිද්ධියේ විදුහල්පති රිමාන්ඩ්

සිසුවෙකු සිය පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිදුවීමකට සැකපිට අත්අඩංගුවට ගත් ගම්පහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිරවයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. විදුහල්පතිවරයා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ජාත්‍යන්තර පාසලක 07 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන තම පුත්‍රයා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා මෙලෙස අල්ලස් මුදලක් ඉල්ලූ බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර තිබුණේ ගම්පහ පදිංචි කුමාරසිංහ කෞෂල්‍ය නමැත්තාය.

පැමිණිල්ල සිදුකිරීමෙන් පසුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිළධාරීන්, උපාය දූතයෙකු යොදවා, අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත්තේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...