*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සජිත්ගෙන් Smart විප්ලවයක් ! – පාසල්වලට ඩිජිටල් පරිගණක පුවරු සහ පරිගණක

තොරතුරු තාක්ෂණය හරහා ඩිජිටල් ආර්ථිකයක් කරා වේගවත්ව ගමන් කිරීම අරමුණු කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස මෙරට පාසල් පද්ධතියට ඩිජිටල් පරිගණක පුවරු (Smart Board) සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු වැඩසටහනක් ආරම්භ කර තිබේ.

රජයේ පාසැල්වලට ඇතුල්වන සිසුන් අතරින් 75%කට ආසන්න පිරිසකට සිය නිවෙස්හි පරිගණක නොමැත. අන්තර්ජාල ප්‍රවේශය පැවතිනුයේ සමස්ත ජනගහණයෙන් 35%ක් පමණ වූ පිරිසකට පමණක් වන අතර, ස්ථාවර අන්තර්ජාල දායක පිරිස හුදෙක් මිලියන 1.67කි. 2020දී පවත්වන ලද LIRNEAsia අධ්‍යයනයකින් පෙන්වන ලද පරිදි අන්තර්ජාල පදනම්ගත අධ්‍යාපන ප්‍රවේශ හැකියාවන් (PDF හා WhatsApp ක්‍රම භාවිතයෙන් බෙදාහරිනු ලබන සටහන් ආකාරයෙන් පවා) පැවතියේ පාසැල් වයසේ සිසුන් අතරින් 45%කට පමණි. තත් කාලීනව ලැප්ටොප්, ටැබ් හා පුද්ගලික පරිගණක භාවිතයෙන් මුහුණට මුහුණ ලා මාර්ගගතව ඉගෙනීම සලකා බලන විට, ඒ සඳහා පහසුකම් පැවතියේ සිසුන් අතරින් 10%කට අඩු පිරිසකට පමණක් වන අතර, ඒ අතරින්ද බොහෝ පිරිසක් නාගරික හා වරප්‍රසාදිත පසුබිම්වලින් පැමිණි පිරිස විය. ගෘහයන් අතරින් 96%ක් එක් ජංගම දුරකථනයක් පමණක් පවත්නා ගෘහයන් වූ නමුදු, එම උපකරණය මව්පියන් සතුව පැවති තත්ත්වයක, නිරතුරු අධ්‍යාපනික කටයුතු සඳහා දරුවන් සමග හවුලේ භාවිත කරන්නට සිදුවිම අභියෝගාත්මක කරුණක් විය හැක.

වසංගත තත්ත්වය පැතිර යාම ආරම්භ වීම තුළද ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවත්නා ඩිජිටල් බෙදුම තවදුරටත් නිරාවරණය කෙරී ඇත. මෙවන් තත්ත්වයක් තුළ මෙරට දරු පරම්පරාවට අනාගතයේ නූතන තාක්ෂණික ලෝකය සමඟ ගනුදෙනු කිරීම පහසු කටයුත්තක් නොවන බව වටහාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ පිළිබඳව ස්වකීය ප්‍රමුඛ අවධානය යොමු කරමින් මෙරට පාසල් පද්ධතියට තාක්ෂණික මුහුණුවරක් සහ, අනාගතවාදී දරු පරපුරක් බිහි කිරීම ඒකායන ප්‍රාර්ථනය කොට ගනිමින් ඩිජිටල් පරිගණක පුවරු (Smart Board) සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු වැඩසටහන ආරම්භ කෙරේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan