අවුළුපතේ වේදනාව නොහොත් අලුත් නත්තල් කවියක් ….

Date:

රෑ තරු පෙනෙනවා අපෙ ඌරු කොටුවට
අම්මේ, කෝ තාත්තා, සීතලයි මට

රැවුළුකාරයන් ආවෙ මොනවට ද?
‘අවුළුපතට මරු’ යැයි කීවෙ මොනව ද?

‘ජේසු’ කියන හඬ පැහැදිලිව ම ඇහුණා
උන්දැත් හිටියා ද මයෙ අම්මේ එ තැනා?

පූජාවට යන කතාවක් කීව ඇහුණ ද?
මොන සතුටක් ද ඌරොත් පල්ලි යන එක

අම්මේ – ඈත – ඒ හඬ අපෙ තාත්තද?
ඒ මහ හඬින් මතුවෙන්නේ යාච්ඤද?

කඳුළු පිහිදගෙන පහදන්නකො අම්මේ
අවුළුපතට පල්ලියෙ ඇති සම්බන්දේ

ගව ඔරුවක් ගැන ඒ කවුරුද දෙඩුවේ
තාත්තා රිංගලද දන්නෑ ගව මඩුවේ

සීනු හඬට මුළු අහසම ඇහැරෙනවා
ඌරු කොටුව මැද ඔය ඇස් පෑරෙනවා

මඩ වල දිය විලක් කරනා කඳුළු කැට
රතු මුහුදෙන් ද එන්නේ ඔය ඇස් දෙකට

අහසේ මුදුන් වීගෙන වලිගය වැනුව
අම්මේ අර තරුව ඒ අපෙ තාත්තද?

  • මංජුල වෙඩිවර්ධන
    2021 දෙසැම්බර් 24

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...