අවුළුපතේ වේදනාව නොහොත් අලුත් නත්තල් කවියක් ….

Date:

රෑ තරු පෙනෙනවා අපෙ ඌරු කොටුවට
අම්මේ, කෝ තාත්තා, සීතලයි මට

රැවුළුකාරයන් ආවෙ මොනවට ද?
‘අවුළුපතට මරු’ යැයි කීවෙ මොනව ද?

‘ජේසු’ කියන හඬ පැහැදිලිව ම ඇහුණා
උන්දැත් හිටියා ද මයෙ අම්මේ එ තැනා?

පූජාවට යන කතාවක් කීව ඇහුණ ද?
මොන සතුටක් ද ඌරොත් පල්ලි යන එක

අම්මේ – ඈත – ඒ හඬ අපෙ තාත්තද?
ඒ මහ හඬින් මතුවෙන්නේ යාච්ඤද?

කඳුළු පිහිදගෙන පහදන්නකො අම්මේ
අවුළුපතට පල්ලියෙ ඇති සම්බන්දේ

ගව ඔරුවක් ගැන ඒ කවුරුද දෙඩුවේ
තාත්තා රිංගලද දන්නෑ ගව මඩුවේ

සීනු හඬට මුළු අහසම ඇහැරෙනවා
ඌරු කොටුව මැද ඔය ඇස් පෑරෙනවා

මඩ වල දිය විලක් කරනා කඳුළු කැට
රතු මුහුදෙන් ද එන්නේ ඔය ඇස් දෙකට

අහසේ මුදුන් වීගෙන වලිගය වැනුව
අම්මේ අර තරුව ඒ අපෙ තාත්තද?

  • මංජුල වෙඩිවර්ධන
    2021 දෙසැම්බර් 24

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...