*
Monday, October 28, 2024
spot_img

Latest Posts

මගේ රංගනයේ හැකියාව මතු වුණේ සෑහිමකට පත් නොවන අධ්‍යක්ෂවරු යටතේ වෙහෙසී වැඩ කිරීමෙන් – ජයනාත් බණ්ඩාර

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):මගේ රංගනයේ හැකියාව මතු වුණේ සෑහිමකට පත් නොවන අධ්‍යක්ෂවරු යටතේ වෙහෙසී වැඩ කිරීමෙන් – ජයනාත් බණ්ඩාර ලියුම්කරුට ඔහුව හමුවන්නේ මීට වසර තිහකටත් එපිට කාලයක පිළියන්දල සුවාරපොළ ආසන්නයේ වන සුබෝධි ය නම් වූ සංස්කෘතික මධ්‍යස්ථානයකදීය.නිල වශයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් නොවුණ ද,එහි එවැනි සංස්කෘතික ගණුදෙනුවකට අවශ්‍යය මිනිසුන් ඒක රාශී වීම හොඳින්ම දකින්නට තිබුණු තැනකි. විශේෂයෙන් නාට්‍යකරුවන් විවිධ පුහුණුවීම් සහ වැඩ මුළු සඳහා ඒක රාශි වූ බිමක් වූ සුබෝධියට ඒ උවමනාවන්වෙන්ම පැමිණි ඔහු එතැන් සිට වසර තිහකටත් වඩා කල් ගෙවීමෙන් ඉනික්බිතිව රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.ජයනාත් බණ්ඩාර ම් වූ මේ සොඳුරු රංගන ශිල්පියා සම්මානයකින් සළකුණු කරන්න පෙර ද බොහෝ වේදිකා නාට්‍ය ලෝලී රසික හදවත් තුළ සම්මානනීය චරිතයකි. ඔහු හොඳින්ම ගයයි.

ඔහු නර්තනයේ ද අති දක්ෂය.එසේම ඒ දෙකම කලවම් කර නොගෙන ස්වභාවික නාට්‍යයේ දී ඔහු සිය චරිතය සජිවිව ඉදිරිපත් කරන්න ද දක්ෂය.මේ කාරණා දෙක අතර පැටළුණු ජ්‍යෙෂ්ඨයෝද වේදිකාවේ වෙති.ජය ශ්‍රී,ජැක්සන්,මනෝරත්න වැනි දැවන්ත චරිත තුළ තිබුණ මේ හැකියාවේ කුලකයට ජයනාත් ද නිසැකවම ඇතුළත් කරන්නට හැකිය.ඒ ගැන ඔහු කියන කතාවේ ගෞරවය ඔහු ලබා දෙන්නේ තමන්ව අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන්ටය. “විශේෂයෙන් බුද්ධික දමයන්ත,අසංක සායක්කාර,සචිත්‍ර රාහුබද්ධ වගෙ අය මෙතැනදී විශේෂයි.මං මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගෙ,දයානන්ද ගුණවර්ධනයනේ ඓතිහාසික සහ දැවන්න නිර්මාණ ගණනාවක ඉදල අඛිල සපුමල් දක්වා හැම කෙනෙක්ගෙම දක්ෂතා අගය කරත් මේ උත්තරය මං දෙන්නෙ ඔබ අහපු ප්‍රශ්නයටයි. බුද්ධිකලා වගේ අධ්‍යක්ෂවරු හරිම සූක්ෂමයි.බුද්ධික විතරක නෙමෙයි ඔය කියපු තුන්දෙනාම පහසුවෙන් තෘප්තිමත් කරන්න බැහැ.හූරලා ගන්නවා.

මං “බන්සි මැරිලා නැහැ” කරද්දි සිංහබාහු එකේ වැඩ කරනවා.නර්තනයත් නවත්තපු අළුත.රඟපාද්දී ශෛලිගත නාට්‍යයක තියෙන නර්ථනයට නෑකම් කියන දේවල් ඉබේම මතු වෙනවා.කොහොම හරි ඒවා මකලා මාව බුද්ධිකට ඕනි විදිහට හදා ගත්තා.මං බුද්ධික ගැන මුල් කරලා කිව්වෙ නාට්‍ය හයක විතර මං ඔහු එක්ක වැඩ කරලා තියෙන නිසයි.ලොකු ඉතිහාසයක් තියෙන නිසයි.නැත්නම් සචිත්‍ර සහ සායා කියන්නෙත් ඒ ජාතියෙම අය තමයි.පහසුවෙන් තෘප්තිමත් වෙන්නෙ නැහැ.තව තව හොඳට ගන්න මහන්සි වෙනවා.නළුවවත් මහන්සි කරනවා.හරිම දේ කරව ගන්නවා.ජීවිතයෙ එක සමයක මගේ ජීවිතයෙ හරියට ලිග්ගල් තුනක් වගෙ හිටපු මාව මෙහෙයවපු තුන් දෙනෙක් ඉන්නවා.ඒ තමයි ලංකා ඉෂාන්ත,තුමිඳු දොඩන්තැන්න සහ ජනක් ද සිල්වා” ඔහු වසර තිහක නාට්‍ය ඉතිහාසයේ පළමු වරට මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා වෙන්නේ ද,බුද්ධික යටතේ වේදිකා ගත් වූ බෝනිකි ගෙදර 2 නාට්‍යයේ නිරූපනය කළ ටෝවාල්ට චරිතය නිරූපනයේ දී පෑ සුවිශේෂි රංගය උදෙසා යි.

සිය බිරිඳ සිය පාලනයට යටත්ව සිටිය යුතු බව සිතන,ඇයට ස්වාධීනව තීරණ ගැනීමට හැකියාවක් නොමැති බව සිතන ටෝවාල්ට එය මතු පිටට නොව බිරිඳට පවා නිවැරදිව නොපෙනෙන ලෙස සුරක්ෂා කර ගැනීමේ සූක්ෂමභාවයකින් කටයුතු කරන්නෙකි.ඒ සූක්ෂම බව රැක ගැනීමම සම්මානනීය රංගාවේශයකි.ජයනාත් සිඳු කළේ ඒ දෙ ය. “ඇත්තටම ඒකෙ ගෞරවය යන්න ඕනි බුද්ධිකට.ඔහුව සෑහීමට පත් කරන්න හරි අමාරු අධ්‍යක්ෂවරයෙක්.තව තව ඔහු චරිතය ඔපවත් කරන්න දරන ප්‍රයත්නය තමයි මේ සම්මානය තුළ තියෙන්නෙ.මිට පෙර මං ලබා ඇති සම්මානත් එබඳුයි.මං වේදිකාවේ අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන දේ නිවැරදිව ඉටු කිරීමේ අභියෝගය භාරගෙන ඉටු කළාට,ඒ දකින දේ තුළ ඉනුනෙ අධ්‍යක්ෂවරයායි.” මේ දිනවල ජයනාත් සිටින්නේ ඒ දැවන්ත අධ්‍යක්ෂ වගකීමට ද උර දෙමින්ය.ඒ ඔහු අතින් නිම වන ලෝක නාට්‍ය සාහිත්‍ය්‍ය තුළ ප්‍රේමණීයම ප්‍රකාශය ලෙස විවිධ බසින් විවිධ නාට්‍ය ශෛලීන්වලින් එළි දැක ඇති “රෝමියෝ ජුලියට්” අධ්‍යක්ෂණය ය. “හොද අධ්‍යක්ෂණයන් යටතේ වැඩ කිරීමේ පන්නරය මෙහිදී වැදගත්.ඒත් ලංකාව වගෙ රටක අධ්‍යක්ෂණය කියන්නෙ පාපයක් වගෙත් දැනෙනවා.සමහර තෝරා ගත් රංගන ශිල්පීන් ඉවත් කරන්න පවා සිද්ධවෙලා තියෙනවා,නිවැරදිව පුහුණුවට සහභාගි නොවන නිසා.හුඟක් වෙලාවට අද වෙන කොට නළු නිළියො වේදිකාවට අඩිය තියන්නෙ රූපවාහිණියට සහ සිනමාවට පැන ගන්න මාර්ගයක් හදාගන්න.ඒ වගෙම වෘත්තියක් විදිහට රැදී ඉන්න ඕනි නිසා වැඩ පුරවා ගන්නවා.මේකෙන් හැම නිර්මාණයකටම අසාධාරණයක් වෙනවා.මේක හැබැයි ඉංග්‍රිසි වේදිකාවේ දකින්න නැහැ.ඒ විනය ඔවුන් ළඟ තියෙනවා.ඒකට හේතුව ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන ශීල්පීන් ආර්ථිකමය වශයෙන් පොහොසත් වීම.සිංහල වේදිකාවේදී ඒ පොහොසත්කම නැති නිසාම සමහර වෙලාවට සමහර ශිල්පීන්ගේ දුප්පත් විනය නිසා නිර්මාණත් දුප්පත් වෙනවා.” පෙබරවාරි 14,පෙම්වතුන්ගේ දිනය දා, මේ ජගත් කීර්තියට පත් වේදිකා පෙම් කවිය ජනතා සන්තකයට පත් කරන්නට මේ සියලු දේ ඉවසා වදාරමින් වෙහෙසෙන අතරේ ඔහුගේ රංගනයට මෙවැනි ඇගයීමක් ලැබීම අතිශයින් වැදගත් මානසික උත්තේජනයකි.

එහෙත් ඒ සියල්ල අතරේ අලුත් පරම්පරාවට ඔහු පණිවිඩයක් දෙන අතරේම අවධානය යොමු කළ යුතු අන්තයන් ගැන ද තවමත් වෙනස් නොවී පරම්පරාවෙන් පරම්පරාවට ඇවිත් තිබෙන ප්‍රශ්න ගැන ද මෙනෙහි කරයි. “අලුත් නිර්මාණකරුවන්ගේ පරිකල්පනය මෙන්ම ඔවුන්ගේ නිර්මාණයන් හී ආකෘතිය සහ ඉදිරිපත් කිරීමම හරිම ඉහළයි.ඒ වගෙම ඔවුන් විෂ්‍ය කර ගන්නා මාතෘකාවන්ද හරි ප්‍රබලයි.ඒ නිසා වේදිකාව අලුත් පරම්පරාව විසින් නව මානයකට ගෙනවිත් තිබෙන බව සහ ඔවුන් ලෝකය සමඟ ඊට සමාන්තරව සිය දැණුම සහ පරිකල්පනය මෙහෛයවන බව කියන්නම ඕනි.ඒක ගරු කරන්න අගය කරන්න ඕනි වැඩක්. ඒත් අපිට පෙර පරම්පරාවට අපි වෙනුවෙන් කරන්න බැරි වුණ කණගාටු විය යුතු කාරණා අප අතින්ද අලුත් පර්පරාවට ඉටු වී නැහැ.මේ නිසා හරියට, පහසුවට නාට්‍යකරුවෙක්ට පුහුණුවීම් කරන්න තැනක් නැහැ.එක එක තැන්වල වැටිලා,හැදුණුම්කම් පාවිච්චි කරගෙන හිත මිත්‍රකම් එක්ක මේ පුහුණුවීම් වැඩේ නඩත්තු කරගෙන යන්න අලුත් පරම්පරාවටත් සිද්ධ වෙලා තියෙනවා.මේ ප්‍රශ්නය විසදගන්න කලාකරුවන්ට තනියෙන් බැහැ.ඒකට රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යය වෙනවා.ඒත් එහෙම අවධානයක් යොමු කරන බවක් පෙනෙන්න තියෙනවා කියලා හිතා ගන්නවත් බැහැ.

දැන් විශ්ව විද්‍යාල මට්ටමෙන් නාට්‍යකරණය හදාරන්නට විද්‍යාර්ථීන්ට ලැබී තියෙන ඉඩ හරි වැදගත්.නමුත් විෂයක් හැටියට පොත පත හදාරා ගන්නා දැණුම වගේම ටවර් හෝල් රංග පාසල වගෙ ප්‍රායෝගීකව නාට්‍යකරණය උගන්වන ආයතනත් වැදගත්.ඒවා සම්මිශ්‍ර වුණාට පස්සෙයි හොද නාට්‍යය නිර්මාණය වන්නේ.සමහර දැණුම අපූර්ව විදිහට නිර්මාණ කරණයෙදි එහාට මෙහාට පෙරලලා කරන ආකෘතිමය හරඹ සඳහා පොත පතට වඩා අදාළ වන්නෙ ප්‍රායෝගීක ක්‍රියාකාරකම් හරහා පුළුල් වෙන පරිකල්පන ශක්තිය. ඒ වගෙම මං ඉංග්‍රිසි භාෂාව උගන්වන ඒ ගැන ප්‍රාමානික දැණුමක් තිබීම මගේ නාට්‍ය ජිවිතයට වැදගත් වුණා.අපිට අපේ පෙර පරම්පරාවෙන් ඒ දායාදය ලැබුණා.මහාචාර්ය එදිරිවිර සරත්්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා,ගුණසේන ගලප්පත්ති,හෙන්රි ජයසේන,මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර,රංජිත් ධර්මකීර්ති,දයානන්ද ගුණවර්ධන වගෙ නාට්‍යවේදීන් ද්වීභාෂා උගතුන් හැටියට වේදිකාවට දායාද කරපු නාට්‍ය පෙළවල් අදටත් නැවත නැවත නිර්මාණය කරන්න හිතෙන දේවල්.සමහර ස්වතන්ත්‍ර දේ සඳහා පවා ඔවුන්ට බලපෑවේ ලෝකය කියවා අලුත් වෙන්නට තිබුණ හැකියාව.මේ තත්ත්වය එදාටත් වැඩි අද වැදගත්.අපට පහසුවෙන් කියවා ගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් ලෝකයේ බොහෝ අලුත් නිර්මාණ කියවා ගන්න හදාරන්න පුළුවන්කම තියෙනවා.වෙනත් භාෂාවකින් වුණ නිර්මාණ පවා ඉංග්‍රිසියට පෙරලීමත් ඉක්මණින් සිඳුවෙනවා.ඒ නිසා ඒ ගැන හිතලා භාෂාවන් ඉගෙන ගැනීමට අලුත් පරම්පරාව දක්වන උනන්දුව ඉදිරියට වැදගත් වේවී.”

ඒ වගෙම ජයනාත් බණ්ඩාර රජයේ ගුරුවරයෙක් හැටියට වැඩ කරපු ඉතිහාසයක් තිබුණා.ඊට පසුව ඔහු ඉන් ඉවත් වී නාට්‍ය කලාවට පහසු විදිහට පෞද්ගලික ආයතනයක ඉංග්‍රීසි ඉගැන්වීමේ කටයුත්ත කරන අතරේම නාට්‍යකරණයට අවශ්‍යය පහසුකම් පුළුල් කර ගන්නවා.එහෙත් රජයේ රැකියාවක විශ්‍රාම ප්‍රතිලාභ ආදී සියල්ල අත හැර එළියට එන ජයනාත්,එක්තරා මොහොතකදී විශාල අභියෝගයකට ජීවිතයේ මුහුණ දෙනවා.ඒ ස්නායු ආබාධයක් නිසා ඔහු ඔත්පළ තත්ත්වයටම වැටීමෙන්. මං මේ ආබාධයේ නරකම දෙයට මුහුණ දෙන්නෙ ඉන්දියාවේදි.එහිදී සිංහබාහු නාට්‍ය වේදිකා ගත වෙද්දි මට සිංහයාගේ චරිතය කර ගන්න පැරි තරමට අසනීප වෙනවා.නාට්‍යයේ මේකප් කටයුතුවලදිත් ශිල්පීන් මා නිදි කරවගෙන ඒ වැඩ කළේ.මම අන්තිමට නාට්‍යයෙන් පස්සෙ රෝහලට,යළි ලංකාවට ආවෙ රෝද පුටුවක.පස්සෙ මං එක්තැන් වුණා වගෙ වුණා.ඒ වෙලාවේ ඩග්ලස් සිරිවර්ධනයන් සෑහෙන මැදිහත්වීමක් කරා.මහින්ද රාජපක්ෂ ඒ වන කොට ජනාධිපති.

ඔහු හරහා සෑහෙන කතා බහට ලක් වූ චරිතයත් වූ ඒලියන්ත වයිට් වෙත මාව යොමු කරා.ඇත්තටම එහිදී ඉක්මණින් මට සහනයක් ලැබුණා.පස්සෙ වෛද්‍යවරු කිව්වෙ මගේ තිබුණ ස්නායු තෙරපීම වෙනස් වීමෙන් ඒ තත්ත්වය ඇති වූ බව. මම විශ්වාස කරන දේශපාලනය විද්‍යාව ආදී සියල්ල අතරේම මෙහිදී මට පුද්ගලයො වශයෙන් උපකාර කරපු පුද්ගලයෝ හැටියට,උපකාර කරන්න ඉදිරිපත් වූ පුද්ගලයො හැටියට ඒ හැම කෙනෙක්ටම ස්තූකිවන්ත වෙනවා.මගේ දේශපාලනය කියන්නෙම ඒකයි. ජයනාත් බෝනිකි ගදෙර 2 දක්වා පැමිණි ගමනේ දී එදා මෙදා තුර වේදිකාවේ වැඩිම අවධානයක් දිනා ගත් චරිතවලට නැවත නිෂ්පාදනයේදී පන දෙන්නට සමත් වූ රංගන ශිල්පියෙක්.සිංහබාහු,හස්තිකාන්ත මන්තරේ ඉදලා මධුර ජවනිකා,අන්දරේලා වැනි අපූරු නිර්මාණ ප්‍රෙක්ෂඛාගාරයේ සිට විඳපු පරම්පරාවක සිට තමන් ආදරයෙන් වැළද ගත් ඒ චරිත නැවත වේදිකාව තුළ ප්‍රතිනිර්මානය කිරිමේ භාග්‍යය ලත් රංගන ශිල්පියෙක් විදිහට ගත්තමත් ජයනාත් හරිම දුලබ වරම්ක් විදින්නට සිය හැකියාව නිසාම අවස්ථාව සැළසුණ රංගන ශිල්පියෙක්. වේදිකාවේ තිස් වසරක වැටුණු දහදිය කඳුළුවලින් පන්නරය ලද ජයනාත් වෙිදිකා රංගන ශිල්පියෙක් විදිහට නෙමෙයි,නාට්‍යකරුවෙක් විදිහට අභිශේක ලබන ලෝකයේම ආදරණිය දවසෙ,ලෝකයම ආදරය කරන ශේක්ස්පියර්ගේ ප්‍රේම කාව්‍යය සිංහලෙන් විඳගන්න පෙරවාරි 14 වැනිදා එකතු වෙන්න කියන ඇරයුම ඔහු නොකළ ද,ඔහු වෙනුවෙන් නාට්‍ය ප්‍රේක්ෂකාගාරයට අප තබන්නට තීරණය කළෙමු.ඒ ඔහු අතිශයින් කැපවී වේදිකාවේ හැඩ මවන සුන්දර නළුවෙක් නාට්‍යකාරයෙක් වීමට සුදුසු මනුස්සෙක් බැවිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan