*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

යුක්තිය මෙහෙයුමේ දින හතක වාර්තාව!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): – ” යුක්ති මෙහෙයුම” යටතේ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී 2023.12.17 දින සිට 2023.12.24 වන දින පැය 0030 දක්වා කාලය තුල විශාල සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එනම්,

හෙරොයින් 09kg 82g
අයිස් 04kg 679g
ගංජා 272kg 967 g
ගංජා පැල 944,651
මාවා 117kg 312g
ඈෂ් 35kg 752g
හෂීෂ් 989g
තූල් 03kg 154g
කුෂ් 520g
මත්පෙති 65,924

මෙම මෙහෙයුමේ වලදී මුලු සැකකරුවන් 13,666 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 717 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එසේම, සැකකරුවන් 174 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 1097 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4665 දෙනෙකු අතුරින් මේ වන විට සැකකරුවන් 1107 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබවද සඳහන් වේ.

මීට අමතරව,

රට පුරා ක්‍රියාත්මක “යුක්තිය” පොලිස් මෙහෙයුමට ජනතාවගෙන් ධනාත්ම ප්‍රතිචාර ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කියා සිටියි.

ඊයේ (23)මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසූ අතර, 24, 25 සහ 26 යන තෙදින තුළ නත්තල් දිනය (25) සහ 26 වනදා යෙදී ඇති පොහොය දිනය හේතුවෙන් පොලිස් නිලධාරීන් යම් යම් විශේෂ රාජකාරී සඳහා යෙවීමට ඇති බැවින් අද (24) , හෙට(25) සහ අනිද්දා යන තෙදින තුළ මෙම යුක්තිය මෙහෙයුම තවකාලිකව නතර කිරීමට සිදුවී ඇතැයිද සදහන් කළේය.

සමාජයේ පවතින බොහෝ අපරාධ මෙම මෙහෙයුම නිසා යමු අඩුවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකි බවද ඒ මහතා පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

“රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම 17 වන දින සිට 23 වනදා දක්වා මුල් සතිය එනම්, දින 7ක කාලසීමාවක් අපි ක්‍රියාත්මක කළා. මෙය නතර කිරීමේ අදහසක් නැහැ. 25 නත්තල් දිනය විශේෂයෙන් 24, 25, 26 මේ… පොහොය දිනයත් එකට එළඹීමත් සමගම පොලිස් නිලධාරීන් යම් යම් රාජකාරීවල යෙදීමට අපට සිදුවෙනවා. යම් ආකාරයකට දින කිහිපයකට මෙම මෙහෙයුම් නතර කිරීමට සිදුවුවත් ඉදිරියේදී මෙහෙයුම් නොකඩවා සිදුකිරීමට කටයුතු කරනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan