මැතිවරණ වසරට එජාපයත් සැරසෙයි!

Date:

කොළඹ LNW:එළඹෙන වසරේ සිට එක්සත් ජාතික පක්ෂය නව මුහුණුවරකින් කටයුතු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව මූලිකව නායකත්ව මණ්ඩලයක් පත්කර ඒ හරහා පක්ෂයේ දේශපාලන කටයුතු සිදුකිරීමටයි තීරණය කර ඇත්තේ.

නායකත්ව මණ්ඩලය සඳහා රුවන් විජේවර්ධන, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, නවීන් දිසානායක සහ වජිර අබේවර්ධන යන අය පත්කර ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස මැතිවරණ සඳහා ඉදිරිපත් නොකරන පූර්ණ කාලීනව පක්ෂ කටයුතුවල නිරත විය හැකි පුද්ගලයෙකු පත්කිරීමට නියමිත අතර රට පුරා පක්ෂයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සූදානම් කර තිබේ.

ලබන වසර මැතිවරණ වසරක් වන හෙයින් ඊට එජාපය ගමක බලවේගය බවට පත් වීමයි ඔවුන්ගේ සැලසුම් වී ඇත්තේ.

මේ වන විටත් මැතිවරණ මෙහෙයුම් සඳහා සාගල රත්නායක මහතා පත්කර තිබෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක සහයද එජාපයට ලැබීමට නියමිත බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...