යන එන මං නැතිව අතරමං වූ සද්ධන්තයෝ රෑන..

සටහන – තිසර සමල්

අනුරාධපුර (LNW):
ඉපලෝගම, කුඹුක්ඇන්ද ප්‍රදේශයට පැමිණි වන අලි රංචුවක් නැවත කැලෑවට යාමට නොහැකි වීමෙන් අද (23) දවස පුරාම කුඹුක්ඇන්ද වැවෙ රැදී සිටියහ.

දළ සහිත ඇතෙකු ඇතුළු වන අලි 05 දෙනෙකුගේ රංචුවක් මෙලෙස වැවෙහි රැදී සිටියහ.

ඊයේ (22) රාත්‍රියේ ආහාර සොයා ගම්වැදුණු මෙම වන අලි රංචුව, අවට ගෙවතු රැසක වගාවන්ට හානී සිදු කර ඇති අතර, එලෙස පැමිණි වන අලි රංචුවට අද (23) උදෑසන වන විටත් නැවත කැලෑවට යාමට නොහැකි වී ඇත.

ඒ හේතුවෙන් අලි රංචුව කුඹුක්ඇන්ද වැවේ රැදී සිටි අතර, ඔවුන්ට කැලෑවට යාමට නොහැකි වීම හේතුවෙන් වැවෙහි එහා මෙහා ගමන් කරමින්, වැව් රක්ෂිතයේ රැදී සිටියහ.

මෙම වන අලි රංචුව දැක ගැනීමට ප්‍රදේශවාසීන්ද විශාල පිරිසක් පැමිණ සිටියහ.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...