මෙවර නත්තලේ බෙත්ලෙහෙම් එළි නිවී යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අතිශය පූජනීය නගරයක් වන බෙත්ලෙහෙම අද පාලුවට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනදා නත්තල් සැමරුම් අති උත්කර්ෂවත් අන්දමින් පැවත්වුනු ස්ථානයක් වන බෙත්ලෙහෙම කතෝලිකයින් අතර අති ප්‍රසිද්ද ස්ථානයකි. නමුත් මෙවර කිසිදු උත්සාහයක් සිදු නොවීම විශේෂත්වයකි.

මන්ද බෙත්ලෙහෙම් ප්‍රදේශය අද වනවිට පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙස වීම මෙයට ප්‍රධාන හේතුවයි.

සාම්ප්‍රදායිකව නගරය තුළ අතිඋත්කර්ෂවත්වත් ලෙස නත්තල සැමරුම් සිදුවුවත්, මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ පළමු වරට වන අතර, නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එදා බෙත්ලෙහෙම

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...