සංචාරක පැමිණීමේ වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW :

2025 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,250,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ. ජනවාරි පළමු වනදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 2,258,202ක් දිවයිනට පැමිණ ඇති බවයි.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 510,133ක් බව සඳහන් වේ.

සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ, එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 204,703 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 141,941 දෙනෙකු සහ චීන ජාතිකයින් 129,403කු ඒ අතර වන බවයි.

ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, දෙසැම්බර් මාසයේ පළමු දින 21 තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 154,609 දෙනෙකු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...