පස්කන්දක් කඩා වැටී එකම පවුලේ දෙදෙනෙක් ජීවිතක්ෂයට!

Date:

මහනුවර අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුනුවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඝනපති වත්ත ප්‍රදේශයේ නිවසක් මතට ගලක් සහ පස් කන්දක් කඩා වැටී එකම පවුලේ පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 වයස වල පසුවූ තරුණයෙක් සහ තරුණියකි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, එම අවස්ථාවේ දී පුද්ගලයින් පස්දෙනෙක් එම නිවසේ සිට ඇති බවයි.

ඒ,මව,පියා සහ දරුවන් තිදෙනාය.

මවට සහ පියාට අනතුරක් සිදුව නැති අතර අනෙක් දරුවාද පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පැවතීම නිසා මතුව තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනය කර සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...