දුම්රිය ස්ථාධිපතිවරුන් වර්ජනය දැඩි කරයි – හෙට සිට සියලු සේවාවලින් ඉවතට

Date:

බළධාරීන්ගෙන් ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12 සිට සියලු සේවාවලින් ඉවත් වන බව එම සංගමය පවසනවා.

මේ වනවිට ක්‍රියාත්මක වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා පාර්සල් බාර ගැනීම අක්‍රිය වී ඇති අතර අනිද්දා සිට දුම්රිය සේවා ඇණහිටීමේ අවදානමක්ද මතුවිය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර මේ දක්වා එම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර ලැබී නොමැත. මේ නිසා දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නොගෙන නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව හිමිව ඇති අතර මේ හේතුවෙන් දෛනික රුපියල් මිලියන 09 කට ආසන්න පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන බවයි ඊයේ වාර්තා වී තිබුණේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...