Friday, March 31, 2023
spot_img

Latest Posts

දුම්රිය ස්ථාධිපතිවරුන් වර්ජනය දැඩි කරයි – හෙට සිට සියලු සේවාවලින් ඉවතට

බළධාරීන්ගෙන් ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12 සිට සියලු සේවාවලින් ඉවත් වන බව එම සංගමය පවසනවා.

මේ වනවිට ක්‍රියාත්මක වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා පාර්සල් බාර ගැනීම අක්‍රිය වී ඇති අතර අනිද්දා සිට දුම්රිය සේවා ඇණහිටීමේ අවදානමක්ද මතුවිය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර මේ දක්වා එම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර ලැබී නොමැත. මේ නිසා දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නොගෙන නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව හිමිව ඇති අතර මේ හේතුවෙන් දෛනික රුපියල් මිලියන 09 කට ආසන්න පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන බවයි ඊයේ වාර්තා වී තිබුණේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.