අධිවේගී මාර්ගවල රාජකාරීවලින් STF ඉවත් කර ගැනීමට අවධානය

Date:

මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටුකරනු ලබන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22දා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්ණි.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයන්හි හදිසි අනතුරු, ගිනිගැනීම් වැනි අවස්ථාවලදී සහ අපරාධ මැඩලීම සඳහා දැනට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක වන අතර එම කාර්යයන්වලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර ගැනීමත්, ඔවුන් මෙතෙක් ඉටුකළා මෙන් එම කාර්යයන් විධිමත්ව ඉටු කිරීමේ වගකීම පැවරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් ඇති කිරීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මේ සඳහා වූ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මෙම කාර්යයන් වඩාත් වගකීමෙන් සහ විධිමත්ව ඉටුකරගත හැකි පරිදි සහ මාර්ග සංවර්ධන අධිකාරියට එම කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගත හැකි විධිමත් නිශ්චිත වැඩපිළිවෙළක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් සාගල රත්නායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ හා ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...