උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂ නායක සජිත්

Date:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම පුරවැසියකුටම එක හා සමාන ලෙස සැලකිය යුතු බව සඳහන් වුවත් උඩරට කදුරට කම්කරු ජනතාවට ලැබිය යුතු නිසි ගරුත්වය ස්ථාවරය ශක්තිය ලැබී නොමැති බවත් ඔවුන්ගේ පුරවැසි අයිතිය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ලබා දුන්නා සේ අනාගත සමගි ජන බලවේග රජයක් තුළ ඔවුන්ට ජිවත් වීමේ අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කම්කරු ප්‍රජාව ලෙස හඳුන්වන මෙම උඩරට වතු ජනතාව සදහටම කම්කරුවන් නොව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් ලෙස හැඳින්විය හැකි බවත් උඩරට කදුරට ප්‍රජාව තමන්ගේම ඉඩමක අයිතිය ඇති තේ කර්මාන්ත ව්‍යවසායකයෙක් බවට පත් කරන කුඩා තේ වතු හිමියන් බිහි කිරීමේ විප්ලවය සමගි ජන බලවේග රජයක් තුළ ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කතාවට ප්‍රකාශවලට පමණක් සීමා වූ කාලය අවසන් කර ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමේ කාලය එළඹ ඇති බවත් සමගි ජන බලවේගය බලයට පත් වී පළමු ධුරකාලය තුළම උඩරට කඳුරට ප්‍රජාවට අභිමානවත් ජන ජිවිතයක් උදාකරලීමේ ගමන ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අති දුෂ්කර ජීවිතයක් ගත කරමින් මේ රට ශක්තිමත් කිරිමට අතිවිශාල කාර්යභාරයක් ඉටු කරමින් මේ රටට වැදගත් විදේශ විනිමය උපයන කඳුරට උඩරට ජනතාවට ගෞරවය පිරිනැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (24) වතුකම්කරුවන්ගේ 200 වැනි සංවත්සරය සමරමින් නුවරඑළිය නගර ශාලාවේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...