පාදුක්ක, තුන්තාන ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ පාතාල නායකයකු වන දොන් ඉන්දික නොහොත් මන්න රොෂාන් නමැත්තා සහ ඔහුගේ ගෝලයකු යැයි අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමකින් සිදුවූවක් බවට පොලිසිය සැක කරයි. වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
RN