2023 වසරේ මිලියන 1.4 කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සංචාරක ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ ආදායම් උත්පාදන ආයතනයක් වන අතර, 2023 වසර තුළ දී මේ දක්වා ශ්‍රී ලංකාවට මිලියන 1.4 කට අධික සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවත්, 2023 දෙසැම්බර් 21 වනවිට‍ මෙරටට සංචාරකයින් 1,404,998 ක් පැමිණ ඇති බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් ඊයේ නිකුත් කරන ලද සංචාරක පැමිණීම් පිළිබඳ සතිපතා වාර්තාව පෙන්වා දෙයි.

එම වාර්තාවට අනුව දෙසැම්බර් 1 සිට දෙසැම්බර් 21 දක්වා කාලය තුළ සංචාරකයින් 128,047ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, 2022 වසරේ ශ්‍රී ලංකාවට මුළු වසර සඳහා පැමිණ ඇත්තේ සංචාරකයින් 719,978ක් පමණක් බව SLTDA දත්ත පෙන්වා දෙයි.

ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ චීනය දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් අතර ප්‍රධාන රටවල් වේ.

නොවැම්බර් මස අගදී, රජය එළඹෙන සමයේදී සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මැලේසියාව සහ ජපානය යන රටවලින් පැමිණෙන පුරවැසියන් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමක්ද සිදුවිය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...