*
Friday, December 27, 2024
spot_img

Latest Posts

සංසාරේ කොහේ හෝ ඉපදී මුන ගැහීලා.. වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන් …..

සටහන – රත්නපාල ගමගේ 
ස්විට්සර්ලන්තය (LNW) :
ප්‍රේම පාරාදීසයේ ගැවසුනු තරුණ පෙම්වතුන්ගේ හදවත් සංගීත රසයෙන් ස්පර්ශ කළ සැමට ප්‍රිය වූ ප්‍රියා සූරියසේන යන්නම යන්න ගියේය. ලොව ඇත්තේ යෑම් සහ ඊම් පමණය යන සනාතන දහමට අවනත වෙමින් ඔහු තම පුත්‍රයා වූ ආචාර්ය ලක්ෂිත සූරියසේනට හමාර බණවර කියන්නට ඉඩදී පසුගිය අඟහරුවාදා උදෑසන කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. ඔහු හැත්තෑව දශකයේ සංගීත ලෝකයේ තරුණ තරුණියන්ගේ පෙම් හසුන්වල ජීවත් වූ මානවකයෙක් විය.

වයලීන වාදකයෙකු ලෙස සංගීත ලෝකයට පිවිසි ඔහු නික්ම යන විට සංගීත ලෝකයේ ජයක හෙළි නැංවූ සද්ධන්තයෙක් විය. 70 දශකය ගුවන්විදුලි සංස්ථාව ප්‍රබුද්ධ කලාකරුවන් මෙන්ම සෙසු ශිල්පීන් ද සහිතව සීග්‍ර දියුණුවක් සිංහල සංගීතය තුළ ඇති කළේය. මේ නිසා ගායකයින් මෙන්ම ගීත රචකයින්ද බිහිකළ යුගය 70 දශකය විය. ජෝතිපාලයන් අදත් තරුණ හදවත් වලට ආමන්ත්‍රණය කරන නොමැරෙන ගායකයෙකු බවට පත් වී සිටින්නා සේම ප්‍රියා ද තව බොහෝ කල් සංගීත ශ්‍රාවකයින්ගේ සිත්වල දී ජීවත්වනු ඇත. අඳුර අඳුර මගේ ගීතය ගයමින් තරුණ හදවත් වලට පැමිණෙන විට මල්සරා බවට පත්ව සිටියේ ජෝතිපාල සහ මිල්ටන් පෙරේරාය. රිජ්වේ තිලකරත්නගේ ආගමනයත් සමගම ගුවන්විදුලිය තුළද ඇතිවූ සංගීත විප්ලවය නිසා ජෝතිපාල මිල්ටන් ආදීන් වෙළඳ සේවයට ගොනුවන විට ප්‍රියා සූරියසේන, මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායකයන් සුභාවිත ගීත සෘජු ලෙසම ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ වසඟයට ගොනු වීමට වරම් හිමිකර ගත්හ. මේ නිසා ඔවුහූ අමරණීය වූහ.

ඔහු ගායනා කළ ගීත ගණන අති විශාලය.එමෙන්ම ඔහු සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ පුද්ගලයෙක් බවද අවිවාදිතය. ප්‍රියා හොඳින් අධ්‍යාපනය හැදෑරූ දරුවන් සිව් දෙනකුගේ පියෙකි. වැඩි පහල් තියෙන්නේ රජයේ වෛද්‍යවරියකි.ඊළඟ දියණිය බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් වූවාය. තම එකම පුත්‍රයා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ කථිකාචාර්ය ධුරයක් උසුලන ආචාර්ය උපාධිය ලැබූ තරුණයෙකි. බාලම දියණිය උසස් අධ්‍යාපනය හදාරමින් සිටි. පියෙකු ලෙස ඔහු සිය යුතුකම් මැනවින් ඉටුකළ බවට මේ උදාහරණ හොඳටම ප්‍රමාණවත්ය. ඔහු තමා උගත් ශිල්පය දරුවන්ට බෙදා දී පසුව සංගීත ලෝකය අතික්‍රමණය කළේය. වර්තමානයේ ජනප්‍රිය අයිතමයක් වූ මුහුණු පොත වෙනුවට එකල ජනප්‍රිය පෙම් හසුන් වල ජීවමාන මල්සරා වූයේ ප්‍රියා සූරියසේනය.

ප්‍රේම පාරාදීසයේ සැරිසරන ඔහු තරුණ හදවත්වල තැන්පත්ව තිබූ ප්‍රේමය ගීතයෙන් ස්පර්ශ කළේය. එමගින් සුවහසක් තරුණ කැල ඔහු ආදරයෙන් වැළඳ ගත්තේය. එය දශක පහක් එක දිගටම රඳවා තබා ගැනීමට ඔහු සමත් විය. ඔහු මිය යනතුරුම ප්‍රේම පාරාදීසයේ වීරයා විය. ඔහු මිය ගියත් සිහින විජිතයේ සදා සැරිසරනවා නිසැකය. ප්‍රියා යනු වචනයේි පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රිය මිනිසෙකි. ඔහු තමන්ගේ ගීත ආධුනිකයින් ගායනා කරනවාට එරෙහිව නඩු මඟට ගිය බවක් අප අසා නැත.ඔහු ඒ දෙස බැලුවේ උපේක්ෂාවෙනි.ඔහු හොඳ සංගීතවේදියෙකි. එය කිසිවිටකත් මුදල් වලට අවභාවිතා කළේ නැත. හැත්තෑව දශකයෙ බිහි වූ වික්ටර් රත්නායක සනත් නන්දසිරි මර්වින් පෙරේරා ගුණදාස කපුගේ ක්ලැරන්ස් විජේවර්ධන වැනි මේ සියල්ලන්ම එකල ජීවත් වූ තරුණ පරම්පරාවේ ග්‍රහණයට නතුවූහ. මේ නිසාම හොඳ ගීත රචකයින්ද බිහිවිය.
රත්න ශ්‍රී විජේසිංහ සුනිල් සරත් පෙරේරා සුනිල් ආර් ගමගේ වැනි නවකයින්ගේ ආගමනයත් සිදුවූයේ මෙකලමය. ඔවුන් තරුණ ගායකයින් හා එක්වීම නිසා හොඳ ගීත ගොන්නක් බිහි වූහ. ඒ අතර ජීවත් වන්නට ප්‍රියා සූරියසේනටද හැකි විය. ඔහුගේ රූපකාය සති අන්තයේ දැවී අළු බවට පත් වුවත් ඔහු පිළිබඳ මතකයන් අළු බවට පත් කළනොහැක.

එනිසා ඔහුට තවත් පරම්පරා ගණනක් සංගීත ලෝකය තුළ ජීවත් වීමේ අවකාශය හිමිවනු ඇත. ඔහු වයස 80 ක් තරම් දිවිය සැරිසරූ හිත හොඳ මිතුරෙක් විය. සොබා දහමට අවනත වී ගොම්මනේ යන්න යන විට ඔහුගේ පුත් හමාර බණවර කියනු ඇත. ප්‍රේක් රියා සූරියසේනගේ ගීත සාහිත්‍යය අවිච්ඡින්නව පවත්වාගෙන යන්නට සංසාර ගමනින්ම එක්කළ ඔහුගේ පුත්‍ර රත්නය නිසා ක්‍රියා කිසිදු මරණයකට පත් නොවනු ඇත. ඔහු සදාකාලික අපේ කාලයේ ප්‍රේමණීය හඬකින් පෙම්වතුන්ගේ ප්‍රේම පාරාදීසයේ ජයක හෙළි නැංවූ වීරයා විය. ඔහු තවත් පරම්පරාවක් ඈත රන් විමන් තුළින් එබී බලනවා නොඅනුමානය. එවිට ඔහුත් ප්‍රේමකීර්තිත් අපට මුණගැසේවි.එපමණක් නොව ඔවුන් ගෙනා මිහිරත් එලෙසම අත්විඳිනු නොඅනුමානය. ප්‍රේමණීය සංගීතයාණනි දිවියෙහි බැඳීම් අත හැරීමට ඔබට අවසර….

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan