‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය මාස තුනකට දීර්ඝ කරයි.

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ (LNW):

තම පක්ෂය මැතිවරණ සමයේ ප්‍රකාශ කළ පරිදි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රමුඛ නිෂ්පාදකයන් ආරක්‍ෂා කිරීම සඳහා ‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය මාස තුනකට දීර්ඝ කර තවත් සහන කාලයක් දීමට පියවර ගෙන ඇතැයි අද (26) දින මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසීය.  

‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය දීර්ඝ කිරීම ලබන මාර්තු මස අවසානයේ අවසන් වන බවත් ණය සම්බන්ධයෙන් බැංකු සමඟ කටයුතු කරන ව්‍යාපාරිකයන්ට පමණක් සහන කාලයක් හිමිවන බවත් , ණය මුදල රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි 2.5 ට අඩු ව්‍යාපාරිකයන්ට මාස තුනට අමතරව අමතරව තවත් මාස 9 ක සහන කාලයක් ද, ණය මුදල රුපියල් මිලියන 25 ත් 50 ත් අතර ව්‍යාාරිකයන්ට තවත් මාස 6 ක සහන කාලයක් ද, ණය මුල රුපියල් මිලියන 50 ට වැඩි ව්‍යාපාරිකයන්ට අමතර මාස 3 ක් ලැබෙන බවත් මෙම කාලය තුළ එම ව්‍යාපාර සම්බන්ධයෙන් අලුත් කිසිඳු නීතිමය කටයුත්තක් ආරම්භ නොකරන ලෙස බැංකුවට දැනුම්දී ඇති බවත් සූරියප්පෙරුම කියා සිටී.

ව්‍යාපාරිකයන් සඳහා ආණ්ඩුව දුන් සහන ඉතාම පැහැදිළිව මහ බැංකුවට යොමුකර තිබුණ ද එම බැංකුව වෙනත් දෙයක් ප්‍රසිද්ධ කර ඇති බව කී සූරියප්පෙරුම එය නිවැරදි කරන ලෙස මහ බැංකුවට දැනුම්දී ඇති බව පැවසීය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...