රූපවාහිනියේ නව සභාපති වැඩ භාරගනී

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන් ද සිල්වා මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (දෙසැම්බර් 26) පෙරවරුවේ එම තනතුරේ රාජකාරි ආරම්භ කළේය.

ගිහාන් ද සිල්වා, ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිලිබද වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙකු ලෙස සැලකේ.

ඔහු කොළඹ , නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරා ඇත.

මීට අමතරව ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා ස්ථාපිත කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...