2024 චීනයේ ආහාර නිෂ්පාදන ඉලක්කය ටොන් කෝටි 65ක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එළැඹෙන 2024 වසරේ රටේ සමස්ත ආහාර නිෂ්පාදන ඉලක්කය ටොන් කෝටි 65 ඉක්මවන බව චීනය ප්‍රකාශ කරයි.

චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේ, ධාන්‍ය, ඉරිඟු සහ සෝයා බෝංචිවල නිෂ්පාදන තත්ත්ව ස්ථාවර කිරීම සහ rapeseed වගාබිම් තවදුරටත් පුළුල් කිරීම 2024 වසරේ චීනයේ ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන ඉලක්කය බවයි.

rapeseed වගාබිම්

නව වසරේ, චීනය ප්‍රධාන ධාන්‍ය සහ තෙල් බෝග වගාබිම් විශාල වපසරියක නිෂ්පාදන ධාරිතාව අඛණ්ඩව වැඩිදියුණු කරනු ඇත. කෘෂිකාර්මික යන්ත්‍ර මිලට ගැනීම හා භාවිතය සඳහා සහනාධාර ඉහළ නැංවීම සහ කුලියට ගැනීමේ සේවා පුළුල් කිරීම මගින්, බීජ වැපිරීමේ යන්ත්‍ර භාවිතය පුළුල් කිරීමට චීන බලධාරීන් පියවර ගනු ඇති බවද වර්තා වේ.

දැවැන්ත වගාබිම්වල අස්වනු කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ද ප්‍රවර්ධනය කෙරේ.

2024 වසරේ ඉරිඟු වගාව සඳහා තවත් කෝරළ 100 ක්, තිරිඟු සඳහා කෝරළ 100 ක් සහ rapeseed වගාව සඳහා කෝරළ 102 ක් එම ව්‍යාපෘතියට එක්කිරීමට නියමිත බවද සඳහන් වේ

චීනයේ සෝයා බෝංචි වගාවන්හි නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ද ලබන වසරේ ආරම්භ කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...