2021 දී අපට සමු දුන් ආදරණීය මිනිසුන් අතරට වල්පොළ විමල් ද එකතු වේ

Date:

‘ඇත්ත’ පත්තරයට ‘වල්පොළ විමල්’ නමින් ප්‍රකට තීරු ලිපියක් ලියූ විමලසේන ප්‍රදිනන්දිස්, අද සවස බොරැල්ලේදී දුම් වළාවක් ව අහසට නැගෙනු ඇත.

ලංකාවේ පත්තර යුගය මළගම් යමින් තිබෙන නිසා, වල්පොළ විමල් ව ඔබට මතක නැති වන්නට ඉඩ තිබේ. නමුත් ලංකාවේ පත්තර යුගයේ අවසන් අදියරටත් පෙරම ඇරඹුණු වෙබ් මාධ්‍ය යුගයේ ‘වෙබ් පියා’ යන අන්වර්ථයෙන් හැඳින්වෙන රුවන් ෆර්ඩිනැන්ඩස් ගැන ඔබ අනිවාර්යයෙන්ම දන්නවා විය යුතුය. ඒ අනුව වල්පොළ විමල් නමින් හෝ රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ පියා යන හැඳින්වීම් දෙකෙන් කැමති එකකින් ඔබට මේ මිනිසා හඳුනාගත හැකිය. නමුත් පහත විස්තරය ද ඔබ ඒ සමගම කියවා ගත යුතුය.

වල්පොළ විමල් නොහොත් විමලසේන ප්‍රදිනන්දිස් ‘කොමියුනිස්ට්කාරයෙකු’ විය. කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ ලිපිකරු සේවක සංගමයේ හිටපු ලේකම් වූයේ විමලසේන ප්‍රදිනන්දිස් ය. එහිදී දකුණේ මෙන්ම උතුරේ ද වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ ක්‍රියාකාරිව කටයුතු කළේය. ඒ පීටර් කෙනමන්ලාගේ යුගයයි. වල්පොළ විමල් පීටර් කෙනමන්ලාගේ සමීපතමයෙකු සහ සමකාලීනයෙකි. අනෙක් අතට ප්‍රදිනන්දිස් යනු මාතර වල්පොළ පුරාණ රජමහා විහාරයේ ප්‍රධාන දායකයා ද වේ. දේශපාලනයේ මෙන්ම ආගමික කටයුතුවලදීත් ඔහු නායකත්වය ගත්තේය.

මාතර ප්‍රදිනන්දිස්, කොමියුනිස්ට් පක්ෂයේ මාතර ප්‍රබලයන් ව සිටි මහානාම සමරවීර මෙන්ම බී.වයි. තුඩාව වැනි අය සමග ක්‍රියාකාරී දේශපාලනයක නියැළුණේය. මේ අන්දමින් මංගල සමරවීර, ප්‍රදිනන්දිස්ගේ පුත්‍රයා වන රුවන් සමග ඇති කර ගත් දේශපාලන නෑකම, වල්පොළ විමල්ගේ යුගය දක්වාම දිව යයි.

විමලසේන ප්‍රදිනන්දස්ගේ අවසන් කටයුතු සමග ‘මාතර ප්‍රදිනන්දිස් යුගය’ නිමා වනවා නොවේ. එය මොඩ් වී ‘කොළඹ ෆර්ඩිනැන්ඩස්’ ලෙස නම සහ ස්ථානය පමණක් වෙනස් කරගෙන තිබේ.


‘වල්පොළ විමල්’ නොහොත් විමලසේන ප්‍රදිනන්දස් ගේ අවසන් කටයුතු අද සවස 4.30 ට බොරැල්ල කනත්තේ දී සිදු වේ. ලංකා නිව්ස් වෙබ් හි පුරෝගාමියෙකු වන රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා වෙත එම අභාවය වෙනුවෙන් අපගේ හදපිරි කණගාටුව මෙසේ පිරිනමමු…

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීමට උදවු කරන්න’- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

අපි යමු 25 දා ට ගාලු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ,...

වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන...