ස්පාඤ්ඤය අඩුවෙන් මස් කනවනම් හොඳයි

Date:

දේශගුණික හදිසි බලපෑම් අවම කිරීමට මෙන්ම කාන්තාරකරණ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට ස්පාඤ්ඤය සිය දායකත්වය දක්වන්නේ නම්, අඩුවෙන් මස් අනුභව කිරීම ප්‍රධාන ක්‍රියාවලියක් බව එරට පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.

අමාත්‍ය Alberto Garzón පැවසුවේ ස්පාඤ්ඤයේ මිනිසුන් මස් අනුභව කිරීම, විශේෂයෙන්ම කාර්මික ගොවි පොළවල් තුල ඇති කරන ලද හරක් මස් පරිසරයට ඇති කරන බලපෑම අවබෝධ කර ගත යුතු බවත්, ඒ අනුව ඔවුන්ගේ ආහාර පුරුදු වෙනස් කළ යුතු බවත් පෙන්වා දෙයි.

වැඩිදුරටත් අමාත්‍ය Garzón පවසන පරිදි ස්පාඤ්ඤ ජාතිකයන් මස් අනුභව කිරීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු නැති බවත්, නමුත් ඔහු යෝජනා කරන්නේ රට වැසියන් ඉතා අඩුවෙන් හරක් මස් අනුභව කිරීම ඔවුන්ගේ සෞඛ්‍යය තත්වයට සහ පාරිසරික තුලිත තාවයට එය හොඳ ප්‍රවේශයක් බවත්ය.

ස්පාඤ්ඤයේ Asturias, Castilla y Leon, Andalucía සහ Extremadura වැනි ප්‍රදේශ වල විශාල ප්‍රමාණයෙන් ගොවි පොළවල් ගවමස් පිණිස පවත්වාගෙන යනුලබයි.

ජර්මනිය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ හරිතාගාර වායු විමෝචනයට ප්‍රකට පශු සම්පත් සමාගම් 20 ක් වගකිව යුතු බවට, මෑතකාලීන අධ්‍යයන වාර්තාවක් පෙන්නුම් කරමින් අමාත්‍යවරයා මේ පිළිබඳව තවදුරටත්තහවුරු කරන්නට විය.

ස්පාඤ්ඤයේ සමාජවාදී නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවෙහි එක්සත් වාම සන්ධානයේ සම්බන්ධීකාර මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකු වන අමාත්‍ය ගාර්සෝන්, පසුගිය ජූලි මාසයේදී මස් පරිභෝජනය අඩු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම ජාතික මාධ්‍ය රැසක මුල් පෙල සිරිස්තලයක් ලෙස වාර්තා කරන්නට විය.

සාමාන්‍යයෙන් ස්පාඤ්ඤ ජාතිකයෙකු සතියකට මස් කිලෝග්‍රෑම් 1 කට වඩා අනුභව කරයි. නමුත් රටේ ආහාර පිළිබඳ ඒජන්සිය විසින් මිනිසුන් ග්‍රෑම් 200 ත් 500 ත් අතර ප්‍රමාණයක් පමණක් මස් ආහාරයට ගන්නා ලෙස නිර්දේශ කර තිබේ.

ස්පාඤ්ඤය අනෙකුත් යුරෝපා සංගමයේ රටකට වඩා මස් අනුභව කරන බවත්, ඌරන්, එළදෙනුන්, බැටළුවන්, එළුවන්, අශ්වයන් මිලියන ගණනක් වාර්ෂිකව ඝාතනය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...