දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වැඩවර්ජනය පිළිබඳ දැඩි තීන්දුවේ වෙනසක් …

0
156

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවාවලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ගෙන තිබුණු තීරණය හෙට (27) උදෑසන 10.00 දක්වා කල්දමා තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ හෙට උදෑසන දුම්රිය පාලනාධිකාරිය සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි.

එම සාකච්ඡාවේදී තම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් සියලු සේවාවන්ගෙන් ඉවත් වෙමින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here