ආණ්ඩුව අද “වගා සංග්‍රාමයක්” ගැන කතා කළත් රටේ තියෙන්නේ “සාගත සංග්‍රාමයක්” – සජිත් (VIDEO)

Date:

ආණ්ඩුව අද “වගා සංග්‍රාමයක්” ගැන කතා කළත්, රටේ ඇත්තේ “සාගත සංග්‍රාමයක්” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අන්තනෝමතිකව ගත් තීන්දු හේතුකොටගෙන රටේ කෘෂිකර්මාන්තය විනාශ කොට දමා ඇති ආණ්ඩුව ගෙයක් ගෙයක් පාසා ගෑස් සිලින්ඩර පිපිරෙන රටක් බවට මේ රට පත්කොට ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය. ඇතැම් ඇමතිවරුන් ජනතාවට සහන පැකේජයක් දෙන බවට කයිවාරු ගැසුවත්, දී ඇති එකම පැකේජය අසහනය පීඩනය උද්ධමනය දුක කඳුල වේදනාව පමණක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මීට වසර 17කට පෙර ස්වභාවික ව්‍යසනයක් ලෙස සුනාමි ව්‍යසනය පැමිණ මේ රටේ දහස් ගණනක් ජනතාවගේ ජීවිත විනාශ කළ බව පැවසූ විපක්ෂ නායකවරයා, වර්තමාන ආණ්ඩුව ස්වභාවික ව්‍යසනයක් වෙනුවට, ඔවුන් විසින්ම නිර්මාණය කළ ව්‍යසනයකින් මේ රට විනාශය කරා රැගෙන ගොස් ඇතැයි ද පැවැසීය.

එදා ස්වභාවික සුනාමිය නිසා දස දහස් ගණනක් මරණයට පත්වූ බවත්, අද “පොහොට්ටු සුනාමිය” නිසා සමස්ත රටේම ජනතාව බලවත් විපතකට ලක්ව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රටේ සිදුවෙමින් පවතින්නේ සුදු කර පටි මංකොල්ල කෑම් බව පැවසූ විපක්ෂ නායකවරයා, තමන්ට හෝ සමගි ජන බලවේගයට ඇති එකම ඩීල් එක ජනතාව සමග ඩීල් එක පමණක් බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (26) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” ආරම්භ කළේ හම්බන්තොට නගරය සහ ඒ ආශ්‍රිත පොළ භූමියේ ජනතාව හමුවට යමිනි.

නගරයට සහ පොල භූමියට පැමිණ සිටි ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකවරයා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ “පවුල් පාලනය රටේ විනාශය” නැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...