රැකියාවෙ පීඩනය තිබුනා කියලා මිනිස්සු මරන්න ඔට්ටු නෑ – සරත් වීරසේකර

රැකියාවේ හෝ රැකියා ස්ථානයේ කෙතරම් පීඩනයක් තිබුණද කිසිවෙකුටත් තවත් පුද්ගලයෙකු මරා දැමීමේ අයිතියක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ තිරුක්කෝවිල් පොලීසියේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුට මරු කැඳවමින්, T56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ පොලිස් සැරයන්වරයා නිවාඩු ඉල්ලා තිබූ බවත් නිවාඩු නොලැබුණු නිසා ඔහු දැඩි පීඩාවකින් සිටි බවත් සැරයන්වරයාගේ මව ප්‍රකාශ කර තිබිණි. කෙසේ නමුත් එවැනි තත්වයක් පිළිබඳව තමාට අනාවරණය වී නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයාද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහු සුව වී පැමිණි පසු පොලිස් ස්ථානයේ ඇති වූ තත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගත හැකි වනු ඇති බවත් වීරසේකර මහතා පවසනවා.

මෙම සිදුවීම ඉතා අවාසනාවන්ත සිදුවීමක් බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ඒ් සම්බන්ධයෙන් විෂයබාර අමාත්‍යවරයා ලෙස තමන් දැඩි කණගාටුවට පත්වන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...