කාන්තාවන්ගෙ මධ්‍යම ආසියානු සිහිනය බොද වෙයි. පිරිමි කණ්ඩායම සූරතාවයට සමීප වෙයි

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම උස්බෙකිස්තානය වෙතින් ලද වට 3 – 2 පරාජයත් සමඟ මධ්‍යම ආසියානු සූරතාවය තබා තිබූ බලාපොරොත්තුව බොදව ගියේය.

ප්‍රථම වට දෙකේ දී ජයග්‍රහණයට තිබූ අවස්ථාවන් මඟ හරවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට, ඒ ලත් පසුබෑම පරාජයට ප්‍රධාන වශයෙන් බලපෑවේය.විශේෂයෙන් කොවිඩ් රෝගයට ගොදුරු වීම නිසා කණ්ඩායමේ ප්‍රධාන ලිබරෝ ක්‍රීඩිකාවගේ සේවය අහිමිවීම ද මේ පරාජයට තදබල හේතුවක් වී තිබිණි.එසේම කාන්තා කණ්ඩායම තේරීමේදී ඇතැම් පුහුණුකරුවන් ගත් ආත්මාර්ථය පදනම් කරගත් තීරණ නිසා ද එම කණ්ඩායමට එක් විය යුතුව සිටි ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ පමණ සේවය ද ශ්‍රී ලංකාවට හිමි වුණේ නැත.

පිරිමි කණ්ඩායමේ අනාගතය

මේ වන විටත් සත්කාරක බංගලාදේශය සමඟ අවසාන තරගයේදී මුණ ගැසෙන්නට සූදානම් ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේ ජාතික කණ්ඩායම ලෙස පිටියට පිවිසි තරුණම කණ්ඩායම වීම අනාගත ජාතික ක්‍රීඩාව සම්බන්ධ සුබවාදී බලාපොරොත්තුවකි.
මේ තරගාවලියේ අවසාන මහා තරගයට පෙරාතුව බංගලාදේශය හමු වූ අවස්ථාවේ දී ජයග්‍රහණය කිරීමෙන් හොද මානසිකත්වයක, සිටින ශ්‍රී ලංකාවට අවසාන තරගයේදී එය දැඩි උත්තේජනයක් වනවාට සැක නැත.
බොහෝ කාලයකට පසුව ජාතික කණ්ඩායමට සූරතාවයක් හිමි විය හැකි බව හැඟෙන මෙම තරුණ කණ්ඩායම මෙන්ම,එම පුහුණුකරුවන්ගෙන් ද දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් යටතේ පහසුකම් ලබා දෙමින් මෙම සංචිතය නොකඩවා පවත්වාගෙන යා හැකිනම් ශ්‍රී ලංකාවෙ ජාතික ක්‍රීඩාවට දකුණු ආසියාව ජයගැනීමනම් අසීරු නොවනු ඇත.
රණසිංහ මුදියන්සේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස්...

කෝටි 31ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් මෙරටට: කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර එවලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : සීදූව ප්‍රදේශයේ පිහිටි...

පසුගිය දශක කිහිපය තුළ බ්ලොක්බස්ටර් සීමා බිඳලූ සිනමාංග කිහිපයක්!

සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): The Exorcist, Jaws, සහ...