රිවස් ගැසට්ටුවෙන් පසු පොහොර ගෙන්වීමට සමාගම් 07කට අවසර! (VIDEO)

Date:

රසායනික පොහොර ආනයනය සඳහා පනවා තිබුණු තහනම ලිහිල් වීමත් සමඟ එම පොහොර ගෙන්වීම සඳහා දැනට සමාගම් 07කට අවසර දීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසන්නේ දැනටමත් යූරියා මෙට්‍රික් ටොන් 1500ක් ගෙන්වීම සඳහා අවසර දී ඇති බවයි.

එමෙන්ම තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 31000ක් දැනටමත් ආනයනය කර තිබෙන බවද ඔහු කියා සිටියි.

ඒ අනුව තේ වගාව,එළවළු, පළතුරු, මල් ඇතුළු වගාවන් සඳහා අවශ්‍ය විශේෂිත පොහොර ආනයනය සඳහා අවසර දී තිබෙන අතර ඉදිරියේදී ලැබෙන ඉල්ලීම් අනුව එම අවසරයන් දීමට කටයුතු කරන බවද ලොකුහේවගේ මහතා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...