කාන්තාවන්ගෙ මධ්‍යම ආසියානු සිහිනය බොද වෙයි. පිරිමි කණ්ඩායම සූරතාවයට සමීප වෙයි

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම උස්බෙකිස්තානය වෙතින් ලද වට 3 – 2 පරාජයත් සමඟ මධ්‍යම ආසියානු සූරතාවය තබා තිබූ බලාපොරොත්තුව බොදව ගියේය.

ප්‍රථම වට දෙකේ දී ජයග්‍රහණයට තිබූ අවස්ථාවන් මඟ හරවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට, ඒ ලත් පසුබෑම පරාජයට ප්‍රධාන වශයෙන් බලපෑවේය.විශේෂයෙන් කොවිඩ් රෝගයට ගොදුරු වීම නිසා කණ්ඩායමේ ප්‍රධාන ලිබරෝ ක්‍රීඩිකාවගේ සේවය අහිමිවීම ද මේ පරාජයට තදබල හේතුවක් වී තිබිණි.එසේම කාන්තා කණ්ඩායම තේරීමේදී ඇතැම් පුහුණුකරුවන් ගත් ආත්මාර්ථය පදනම් කරගත් තීරණ නිසා ද එම කණ්ඩායමට එක් විය යුතුව සිටි ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ පමණ සේවය ද ශ්‍රී ලංකාවට හිමි වුණේ නැත.

පිරිමි කණ්ඩායමේ අනාගතය

මේ වන විටත් සත්කාරක බංගලාදේශය සමඟ අවසාන තරගයේදී මුණ ගැසෙන්නට සූදානම් ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේ ජාතික කණ්ඩායම ලෙස පිටියට පිවිසි තරුණම කණ්ඩායම වීම අනාගත ජාතික ක්‍රීඩාව සම්බන්ධ සුබවාදී බලාපොරොත්තුවකි.
මේ තරගාවලියේ අවසාන මහා තරගයට පෙරාතුව බංගලාදේශය හමු වූ අවස්ථාවේ දී ජයග්‍රහණය කිරීමෙන් හොද මානසිකත්වයක, සිටින ශ්‍රී ලංකාවට අවසාන තරගයේදී එය දැඩි උත්තේජනයක් වනවාට සැක නැත.
බොහෝ කාලයකට පසුව ජාතික කණ්ඩායමට සූරතාවයක් හිමි විය හැකි බව හැඟෙන මෙම තරුණ කණ්ඩායම මෙන්ම,එම පුහුණුකරුවන්ගෙන් ද දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් යටතේ පහසුකම් ලබා දෙමින් මෙම සංචිතය නොකඩවා පවත්වාගෙන යා හැකිනම් ශ්‍රී ලංකාවෙ ජාතික ක්‍රීඩාවට දකුණු ආසියාව ජයගැනීමනම් අසීරු නොවනු ඇත.
රණසිංහ මුදියන්සේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...