ආහාර හිඟය ගැන ආණ්ඩුව ජනතාවට ඇත්ත කිව යුතුයි – මෙත්තිකා විතානගේ

Date:

මිදි, ඇපල් වැනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම දැන් සිටම සීමා කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. ඇතැම් උත්සව අවස්ථා වැනි අනවශ්‍ය ලෙස මුදල් වැයවන කටයුතුද අත්හිටුවීමට කටයුතු කළයුතු බවත්, ඉදිරියේදී එළඹීමට නියමිත ආහාර හිගය සඳහා දැන් සිටම ජනතාව හුරුවිය යුතු බවත් ඇය පවසනවා.

ආහාර හිගයක් පැමිණීමට නියමිත බව මේ වනවිටත් පාර්ශ්ව කිහිපයක් අනතුරු අඟවා ඇති අතර කෙසේ නමුත් රජය මේ දක්වා එය පිළිගැනීමට හෝ අකමැති වී ඇති බවයි මහාචාර්යවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ආහාර හිගයට මුහුණදීමට නම් රජය ජනතාවට සත්‍ය තත්වය පැහැදිලි කළයුතු බවද ඇය සඳහන් කරනවා.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් සමුගත් උදිත් කේ. ජයසිංහ මහතාද මේ පිළිබඳව අනතුරු අඟවා තිබිණි. කෙසේ නමුත් ආහාර හිගයක් පිළිබඳව සඳහන් කර දිනක් ඉක්ම යාමට මත්තෙන් ඔහු ලේකම් තනතුරින් ඉවත් කළේය.

මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නේ ආහාර හිගයක් පිළිබඳව ඔහු අනතුරු ඇඟවූවද ඒ් පිළිබඳව දැනුවත්ව සිටියදී ඔහු වැරදි තීරණ රැසක් ගත් බවයි.

දැනටමත් ඇතැම් ප්‍රදේශවල ජනතාවට වේලක් හෝ දෙකක් පමණක් ආහාර ගෙන ජීවිත ගැටගසා ගැනීමට සිදුව ඇති බවත් මෙම තත්වයෙන් ජනතාව බේරා ගැනීම සඳහා රජයට නිශ්චිත වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. කෙසේ නමුත් තවමත් ඒ පිළිබඳව රජයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව නොමැති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...