ආහාර හිඟය ගැන ආණ්ඩුව ජනතාවට ඇත්ත කිව යුතුයි – මෙත්තිකා විතානගේ

Date:

මිදි, ඇපල් වැනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම දැන් සිටම සීමා කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. ඇතැම් උත්සව අවස්ථා වැනි අනවශ්‍ය ලෙස මුදල් වැයවන කටයුතුද අත්හිටුවීමට කටයුතු කළයුතු බවත්, ඉදිරියේදී එළඹීමට නියමිත ආහාර හිගය සඳහා දැන් සිටම ජනතාව හුරුවිය යුතු බවත් ඇය පවසනවා.

ආහාර හිගයක් පැමිණීමට නියමිත බව මේ වනවිටත් පාර්ශ්ව කිහිපයක් අනතුරු අඟවා ඇති අතර කෙසේ නමුත් රජය මේ දක්වා එය පිළිගැනීමට හෝ අකමැති වී ඇති බවයි මහාචාර්යවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ආහාර හිගයට මුහුණදීමට නම් රජය ජනතාවට සත්‍ය තත්වය පැහැදිලි කළයුතු බවද ඇය සඳහන් කරනවා.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් සමුගත් උදිත් කේ. ජයසිංහ මහතාද මේ පිළිබඳව අනතුරු අඟවා තිබිණි. කෙසේ නමුත් ආහාර හිගයක් පිළිබඳව සඳහන් කර දිනක් ඉක්ම යාමට මත්තෙන් ඔහු ලේකම් තනතුරින් ඉවත් කළේය.

මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නේ ආහාර හිගයක් පිළිබඳව ඔහු අනතුරු ඇඟවූවද ඒ් පිළිබඳව දැනුවත්ව සිටියදී ඔහු වැරදි තීරණ රැසක් ගත් බවයි.

දැනටමත් ඇතැම් ප්‍රදේශවල ජනතාවට වේලක් හෝ දෙකක් පමණක් ආහාර ගෙන ජීවිත ගැටගසා ගැනීමට සිදුව ඇති බවත් මෙම තත්වයෙන් ජනතාව බේරා ගැනීම සඳහා රජයට නිශ්චිත වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. කෙසේ නමුත් තවමත් ඒ පිළිබඳව රජයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව නොමැති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...