හරිත කෘෂි වැඩපිළිවෙල අල උනේ නිළධාරීන් නිසා – ජනාධිපති

Date:

ජනාධිපතිවරයා ලෙස තමා ගන්නා ඇතැම් තීන්දු තීරණය සඳහා නිළධාරීන්ගෙන් අවශ්‍ය සහයෝගය නොලැබෙන බවත්, ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පුවත්පත් කර්තෘවරුන් සමග අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට කෘෂිකර්ම අමාත්‍යංශයේ නිළධාරීන් ඇතුළු අවශ්‍ය පාර්ශ්වවල සහයෝගය නොලැබුණු බවයි ඔහු පුවත්පත් කර්තෘවරුන් සමග පවසා තිබෙන්නේ. තීරණ ගන්නේ තමා වුවද එම තීරණවලට අදාල වැඩපිළිවෙල සකස් කිරීමේ හා තීරණ ක්‍රියාවට නැංවීමේ වගකීම නිළධාරීන් සතු වගකීමක් බවද ඔහු පවසනවා.

හරිත කෘෂිකර්මාන්තය සඳහා ගොවීන් මානසිකව සූදානම් කිරීමේ වගකීම් නිළධාරීන් සතු බවත් කෙසේ නමුත් ඔවුන්ගෙන් එම වගකීම ඉටු නොවූ බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් තමන්ගේ ධුර කාලයෙන් වසර දෙකක්ම අපතේ ගිය බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ ඉතිරි වසර තුනක කාලය තුළ සිය වගකීම් උපරිමව ඉටු කිරීමට කටයුතු කරන බවයි.

තමා බලයට පත්වන විට රට සතුව ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක විදේශ සංචිත ප්‍රමාණයක් තිබූ නමුත් ඉන් වැඩි ප්‍රමාණයක් කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට වැය කිරීමට සිදු වූ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අනෙක් පැත්තෙන් වසංගතය හමුවේ සංචාරක කර්මාන්තය, අපනයන ක්ෂේත්‍රය බිඳවැටීම තුළ රටට හිමිවීමට තිබූ විදේශ විනිමය සැළකිය යුතු ප්‍රමාණයක් අහිමි වූ බවද ජනාධිපතිවරයා පවසනවා.

එවැනි තත්වයක් තිබියදී පවා ඇතැම් ක්ෂේත්‍රවල වර්ධනයක් ඇති කිරීමට සමත් වී ඇති නමුත් ඒ පිළිබඳව කිසිදු පාර්ශ්වයක් කතාබහ නොකරන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කළේ කුමක්ද ?

රනිල් අරගලයෙන් පස්සේ බලය ගත්ත එක සහ එම බලය...

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...