දෙසැම්බර් මාසයේදී විදෙස් සංචාරකයන් පැමිණීමේ සැළකිය යුතු වර්ධනයක්

0
355

දෙසැම්බර් මාසයේ ගත වූ දින 26 තුළ විදෙස් සංචාරකයන් 69,641 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එය මෙම වසර තුළ එක් මාසයකදී මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය බවද ඇමතිවරයා පවසනවා.

ඔක්තෝබර් මාසයේදී විදෙස් සංචාරකයන් 22,771 ක් පැමිණ ඇති අතර එය නොවැම්බර් මාසයේදී 44,294 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙම වසරේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් ප්‍රමාණය 174,930 කි.

ශීත සෘතුව ඉලක්ක කරමින් රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, යුක්රේනය ඇතුළු යුරෝපා රටවල් ආශ්‍රිතව විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර සංචාරක ආකර්ශනය ඉහළ ගොස් තිබෙන්නේ ඒ අනුවයි.

දෙසැම්බර් මාසයේදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන්නේ රුසියාවෙනි. එම ප්‍රමාණය 7951 ක් වන අතර ඊට අමතරව එක්සත් රාජධානියෙන් 6819 ක්, ජර්මනියෙන් 4131 ක්, ප්‍රංශයෙන් 2313 ක්, යුක්රේනයෙන් 2054 ක් ලෙස සංචාරකයන් පැමිණ තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here