ඇෆ්ගන් කාන්තාවන්ට තනියෙන් දුර යන්න බෑ

Date:

තලේබාන් සංවිධානය සිය නවතම කොන්දේසි යටතේ පවසා ඇත්තේ දුර බැහැර ගමන් කිරීමට අපේක්ෂා කරන ඇෆ්ගන් කාන්තාවන්ට ප්‍රවාහන පහුසුකම් ලබා දිය යුත්තේ පිරිමි ඥාතියෙකු බවයි.

නැතිනම් ඇයට එවැනි ගමන් බිමන් යාමට අවසරයක් හිමි නොවේ.

පසුගිය ඉරිදා නිකුත් කරන ලද නවතම නියෝගය, අගෝස්තු මාසයේදී ඉස්ලාමීය කන්ඩායම බලය අල්ලා ගැනීමෙන් පසු කාන්තා අයිතිවාසිකම් පිළිබඳ එක් කල නවතම සීමාවයි.

මේ වන විටත් එරට ද්විතීයික පාසල් බහුතරයක් ගැහැණු ළමයින් සඳහා වසා දමා ඇති අතර බොහෝ කාන්තාවන්ට වැඩ කිරීම තහනම් කර ඇත.

“හියුමන් රයිට්ස් වොච්“ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින රාජ්‍ය නොවන සංවිධානය පැවසුවේ මෙම නව සීමාව කාන්තාවන් සිරකරුවන් බවට පත් කිරීම සඳහා වූ සමාජිය තත්වය තවදුරටත් ඉදිරියට බවයි.

එහි සහකාර අධ්‍යක්ෂ හීදර් බාර් ජත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ මෙම නියෝගය “කාන්තාවන්ට නිදහසේ එහා මෙහා යාමට ඇති අවස්ථා වසා දමන” හෝ “ඇය නිවස තුළ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නේ නම් පලා යාමට ඇති හැකිාව දැඩිව සීමාවට ලක්කර ඇති බවයි.

තලේබාන් Promotion of Virtue and Prevention අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම නියෝගයේ සඳහන් වන්නේ සැතපුම් 45 (කිලෝමීටර් 72) ට වැඩි දුරක් ගමන් කරන කාන්තාවන් සමීපතම පිරිමි පවුලේ සාමාජිකයෙකු සමඟ පැමිණිය යුතු බවයි.

එසේ නොකිරීම දඩුවමට ලක්වන්නක් බවයි.එමෙන්ම මුහුණු ආවරණ පැළඳ නොසිටින කාන්තාවන්ට ගමන් කිරීම ප්‍රතික්ෂේප කරන ලෙසත් වාහන හිමිකරුවන්ගෙන් අදාල අමාත්‍යාංශය ඉල්ලා සිටී.

වාහනවල ගීත වාදනය කිරීම ද තහනම් කර තිබේ.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...

ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග පවතින අර්බුදකාරී...

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...