” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW:

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමාජ සංවර්ධන වැඩසටහන් යටතේ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් සහන පොලී අනුපාතිකයන් යටතේ ස්වයං රැකියා ණය ලබා දීමේ ” මූල්‍ය ණය සහන ප්‍රදානය ” වැඩසටහන ඊයේ (26) සිදු කෙරුණි.

විවිධ ක්ෂේත්‍රයන් යටතේ ස්වයං රැකියා ආරම්භ කිරීමේ අරමුණු ඇති සහ පවත්වාගෙන යන රැකියා තව දුරටටත් ප්‍රවර්ධනය කරලීමේ අරමුණු ඇති තෝරාගත් ප්‍රතිලාභීන් 86 දෙනෙකු සඳහා අද මෙම ණය පහසුකම් ලබා දුනි .

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහහාගී වූ අතර ඔහු මෙසේ අදහස් පළකර සිටියේ ය.

” නාගරික ජනාවාස තුල ජීවත් වන ජනතාව ආර්ථිකව සමාජීයව සහ සංස්කෘතිකව ශක්තිමත් කරලීම උදෙසා 80% ක වැඩි නැඹුරුවකින් නව වැඩසටහන් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා .විශේෂයෙන්ම නව ව්‍යවසායකයින් ගොඩ නැගීම වෙනුවෙන් රජයක් ලෙස අපි ප්‍රජාව වෙත දැනුම ලබා දෙනවා, ඒ හරහා ආරම්භ වෙන නව ව්‍යවසායික කර්මාන්ත වෙනුවෙන් වෙළඳපොළක් නිර්මාණය කරනවා. ඔවුන්ව අඛණ්ඩ  අධීක්ෂණයක් තුළ රැක බලා ගන්නත් අපි සූදානම්.ස්වයං රැකියාවක නිරතවීම ලොකුම වාසිය තමයි ” තමන්ට පුලුවන් තමන්ගේ බොස් ” වෙන්න. අලුත් දේවල් අත්හදා බලන්න.වෙළදපොළ අත්පත් කර ගන්න. ඒ දක්වා යන ගමනෙ දි රජයකට දෙන්න තියෙන තල්ලුවෙන් කොටසක් විතරයි මේක.

ස්වයං රැකියා ලාභීන්ගෙන් රජයක් බලාපොරොත්තු වෙන දේ ගැනත් යම් අදහසක් මම කියන්නම්. අපිට අවශ්‍යයයි ස්වයං රැකියා නගා සිටුවීම හරහා දේශීය නිෂ්පාදනයන් වැඩි කරන්න. ඒ හරහා ගොඩ නැගෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුලින් රටේ නිෂ්පාදන ආර්ථිකය එහෙම නැත්නම් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවන්න. ආනයන භාණ්ඩ අඩු කිරීම තුළ දේශිය භාණ්ඩ හා සේවා වැඩි කරන්න. ගොඩ නැගෙන ස්වයං රැකියා වෙළදපොළ  හරහා නව රැකියා අවස්ථා ගොඩ නගන්න. රජයේ රැකියා අවශ්‍යතාවය මත රැදෙන පිරිස් වල පීඩනය අඩු කරන්න. දක්ෂතා භාවිතා කරමින් නවෝත්පාදනය වෙනුවෙන් සමාජය යොමු කරන්න. මේ බොහෝ කාරණා සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව තියපු එක් පියවරක් විතරයි මේක”.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...