අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW :

ආපදාවට ලක්වූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 25,000ක අත්තිකාරම් මුදල ලබාගැනීමට පවුල් හාරලක්ෂ පනස් හයදහස් අටසිය හතලිස් හයක් සුදුසුකම් ලබා ඇති බවත්, ආපදා තත්ත්වයෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 427ක පවුල් 12,311ක් තවදුරටත් රැඳී සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පවසයි.

ආපදාවට ලක්වූ පවුල් සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් රුපියල් 50,000 දීමනාව, පවුල්  3665 කට ගෙවා අවසන් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. එහි අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක මහතා පැවසුවේ ඒ සඳහා පවුල් 147628 සුදුසුකම් ලබා ඇති බවය.

තවද, 25,000 සහ 50,000 දීමනාව ලබාදීම සඳහා ඉඩමේ අයිතිය බලනොපාන බවද ඔහු කියා සිටියේය..

මේ අතර අධි අවදානම් කලාපවල මේ වන විටත් පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසුවේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදු කරන පර්යේෂණ සඳහා සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...