රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW :

පැය 24ක් තුල සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ , වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් විදුලි පහන් කණුවක ගැටී පෙරලීමෙන් කඩුවෙල පදිංචි 14 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බවය.

තුම්මෝදර බෝලවත්ත මාර්ගයේ පෙස්ටස් පෙරේරා මාවත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක ගැටීමෙන් මහවැව පදිංචි 18 හැවිරිදි තරුණයෙකු මියගොස්  ඇති අතර, තලාව සිට දෙබොක්කාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කානුවකට වැටීමෙන් අනතුරක් 31 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

තවද, ඇලකන්ද සිට හැඳල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක ගැටීමෙන් පැදිකරු හා පසුපැදිකරු මියගොස් ඇති අතර පොලිසිය පැවසුවේ 21 හා 25 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදංචිකරුවන් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...