රෝහින්ග්‍යා සරණාගතයින් හෙවත් හීන අහිමිව සැරිසරන්නන් ඉන්දුනීසියාවේ වෙරළට ගසාගෙන යයි.

Date:

රෝහින්ග්‍යා සරණාගතයින් 57 දෙනෙකු එන්ජිම බිඳීගිය ලී බෝට්ටුවක මාසයක් පමණ දිගු මුහුදු ගමනකින් අනතුරුව ඉන්දුනීසියාවේ අචේ පළාතට ගසාගෙන විත් ඇති බව ඉන්දුනීසියානු රජය නිවේදනය කර තිබේ.


මෙම සරණාගතයන් තාවකාලිකව ඉන්දුනීසියාවේ සිථානයක තබන අතර, මෙම පිරිස ආහාර හා ජලය නොමැත්වීම හේතුවෙන් දුර්වලව ඇති හෙයින් තිදෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බව ප්‍රාදේශීය බලධාරීන් වාර්තා කර තිබේ.

රෝහින්ග්‍යා මුස්ලිම්වරු, මියන්මාර සම්භවයක් ඇති පිරිසක් වන අතර මියන්මාර හමුදාව විසින් දියත් කරන ලද ජන සංහාරක ව්‍යාපාරයකින් බේරීමට ඔවුන් බොහෝ පිරිසක් බංග්ලාදේශයට පැන යන ලදි. මොවුන් දේශපාලන අස්ථාවරවීම් හේතුවෙන් පීඩාවට පත් ජනවාර්ගික සුළුතරයකි.


බංග්ලාදේශයේ මේ වන විට කඳවුරුවල පිරිහෙන තත්වයන්, ජන සංඛ්‍යාව වර්ධනය වීම, ආදී හේතූන් නිසාවෙන් මෑත මාස කිහිපය තුළ මෙලෙස රෝහින්ග්‍යා සරණාගතයන් කුඩා ධීවර බෝට්ටුවල නැගී රටින පලායනු දක්නට ලැබේ. මෙම බෝට්ටු සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ විට බෝට්ටුවේ සිටි පුද්ගලයන් පවසා තිබුණේ, ඒ වන විට කුඩා දරුවන් ඇතුළු මගීන් ගණනාවක් ආහාර හා ජලය නොමැතිව මිය ගොස් සිටින බවයි.


මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අග්නිදිග ආසියාවේ අන්දමන් මුහුද අවට රටවල්වලින් ඉල්ලා සිටියේ, බංග්ලාදේශයෙන් පිටවී ගණනක් බලය නොමැතිව පාවෙන රොහින්ග්‍යා සරණාගතයින් 150 ක් පමණ රැගත් කුඩා ධීවර බෝට්ටුහට සහාය වන ලෙසයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...