නව බදු ආදායම් අනුපාත මෙන්න!

Date:

නවතම වාර්තාව ……

?ලක්ෂ 1 1/2 නම් මසකට රු. 3,500 ක්
?ලක්ෂ 10ක් නම් 286,500 ක්

පුද්ගලයන්ගේ වැටුප් සහ ආදායම් මත රජය විසින් පනවා ඇති නව බදු ආදායම් අනුපාත 2023 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වීම ආරම්භ වේ. මේ අනුව මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි සහ වාර්ෂිකව රු. ලක්ෂ 12 කට වැඩි ආදායමක් ලබන සියලුදෙනාම 2023 ජනවාරි 01 දින සිට බදු ගෙවීමට යටත් වේ.

මේ අනුව බදු නිදහස් සීමා වන්නේ මසකට රුපියල් ලක්ෂයක් පමණකි.

මේ නව බදු අනුපාත ක්‍රියාත්මක විමත් සමග බදු ගෙවිය යුතු ආකාරය එක් එක් ආදායම් මට්ටම මෙසේ සඳහන් කළ හැකිය. මේ අනුව රුපියල් ලක්ෂය දක්වා ආදායම් ලබන අයෙකු බදු ගෙවිය යුතු නොවන අතර මසකට රු. 150,000 ක ආදායමක් උපයන අයකු මසකට රු. 3500.00 ක බද්දක්ද, මසකට රු. 200,000 ක ආදායමක් උපයන අයෙකු මසකට රු. 10,500 ක බද්දක් ද, මසකට රු. 250,000 ක ආදායම් උපයන අයෙකු මසකට රු. 21,000 ක බද්දක් ද, මසකට රු. 300,000 ක ආදායමක් උපයන අයෙකු මසකට රු. 35,000 ක බද්දක් ද, මසකට රු. 350,000 ක ආදායමක් උපයන අයෙකු මාසිකව රු. 52,500 ක බද්දක් ද, මසකට රු. 400,000 ක ආදායමක් උපයන අයෙකු මසකට රු. 70,500 ක බද්දක් ද, මසකට රු. 500,000 ක ආදායමක් උපයන අයෙකු මසකට රු. 106,500 ක බද්දක් ද, මසකට රු. 750,000 ක ආදායමක් උපයන අයෙකුට මසට රු. 196,500 ක බද්දක්ද සහ මසකට රු. දශ ලක්ෂයක් උපයන අයකු මසකට රු. 286,500 ක බද්දක් ද ගෙවිය යුතු බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

පසුගිය අයවැය මගින් මෙම නව ආදායම් බදු අනුපාත ප්‍රකාශයට පත්කළ අතර මේ නව වාර්තාව මගින් සෘජුවම ගෙවීමට සිදුවන බදු මුදලේ වටිනාකම දක්වනු ලැබ ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...