ජනවාරියේ සිට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව අනතුරක!

Date:

එළඹෙන ජනවාරියේ සිට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ උග්‍ර හිඟයක් පවතින අවස්ථාවක වයස අවුරුදු 60 සම්පූර්ණවන නිලධාරිනියන් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් එම තත්ත්වය මතුව තිබෙන බවයි.

සෙසු වර්ෂවලට සාපේක්ෂව මෙම මස 31 වැනිදා සේවයෙන් විශ්‍රාම යන නිලධාරිනියන් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් ඉදිරියේදී ළමා,ළදරු හා මාතෘ සේවාව ලබාදීමේදී විවිධ ප්‍රශ්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරන්නේ.

මෙම වර්ෂයේ අවුරුදු 60 සම්පූර්ණ වෙන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අමතරව දැනට සේවයේ යෙදී සිටි අවුරුදු 61, 62, 63, 64 යන වයස සම්පූර්ණ කරපු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනුත් මෙම දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යාමට නියමිතව ඇත.

ඒ අනුව වෙනත් වර්ෂවලදී එක් වර්ෂයක දී විශ්‍රාම යන පිරිසට වැඩ වැඩි ප්‍රමාණයක් මෙවර විශ්‍රාම යාම නිසා එම සේවයට අහිතකර ලෙස බලපෑ හැකි බව කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කරයි.

එම තත්ත්වය මත මාතෘ හා ළමා සෞඛ්‍යය සේවාව බිඳවැටීමේ අවදානමක් පවතින බව ඇය කියාසිටියි.

විශ්‍රාම ගනු ලබන පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් වෙනුවට එම පුරප්පාඩු සැපිරීම සඳහා රජය නව බඳවා ගැනීම් සිදුකිරීමට මේ මොහොතේ කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති අතර සේවා බිඳවැටීමක් ඇති වුවහොත් එය වළක්වා ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු සැලැස්මක් නොමැති බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...