රෙඩ් වින්ග්ස් ලංකාවට…

Date:

රුසියානු ජාතික ගුවන් සේවය වන ‘රෙඩ් වින්ග්ස්‘ ගුවන් සේවාව ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව මත්තල ගුවන් තොටුපොල වෙත මෙම ගුවන් සේවාවේ ගුවන් ගමන් එළැඹෙන 28වැනිදා සිට ආරම්භ කිරිමට නියමිත බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

සතියකට දෙවරක් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇත.

මේ අනුව රුසියාවේ සිට ශ්‍රී ලංකාව වෙත සෘජුවම ගුවන් ගමන් ආරම්භ කරන තෙවැනි ගුවන් සේවාව රෙඩ් වින්ග්ස් වේ. මෙම ගුවන් සේවාව ශ්‍රි ලංකාව වෙත ගමන් කිරීමට නියමිත පළමු ගුවන් යානයේ මගී ආසන සියල්ලම පිරී අවසන් බව ගුවන් සේවාව නිවේදනය කර තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...