කොල්ලො ලංකාවට එද්දි කෙල්ලො බංගලාදේශයට

දෙසැම්බර් 28 දින සිට 31 දින දක්වා බංගලාදේශයේ පැවත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඪායම මේ වන විට බංගලාදේශයට පැමිණ සිටිනවා. බංගලාදේශයේ ගිණිකොන දිග වෙරළ තීරයේ ඔවුන්ගේ ධීවර් කර්මාන්තයට මෙන්ම සංචාරක ව්‍යාපාරයට ද කේනද්‍රීය දිස්ත්‍රික්කයක් වන කොස් බෂාර් දිස්ත්‍රික්කයේ (COX’S Bazar) වෙරළ තීරයේ හී දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ශ්‍රී ලංකාව,මාලදිවයින,නේපාලය,උස්බෙකිස්තානය, මෙන්ම සත්කාරක බංගලාදේශය ද සහභාගි වීමට නියමිතය.
මෙම තරගාවලියට පිරිමි තරගාවලියට ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනා පොදු රාජ්‍ය තරගාවලිය වෙලාවේ කණ්ඩායමෙන් නික්ම ගිය නිසා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමක් එක් නොවුණ ද, දීපිකා බණ්ඩාර සහ චතුරිකා මධුෂානි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වෙයි.
මෙම බීච් වොලිබෝල් කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස චතුරිකා මධුෂානි කටයුතු කරනු ලබයි. එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස තක්ෂිලා ගුණසිංහ මෙනවිය කටයුතු කරනු ලබයි.
දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම ශ්‍රී ලංකා ජාතික කාන්තා බීච් වොලිබෝල් කණ්ඩායම සමුහ ඡායාරූපයකට පෙනි සිටින ලදි.
අසුන්ගෙන වමේ සිට
ඒ. එස් නාලක මහතා – ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, . කංචන ජයරත්න මහතා – සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, මේජර් ජේ.එම්.ඩබ් බණ්ඩාර මහතා – කළමණාකරු,
පසුපස පේලිය වමේ සිට
චතුරිකා මධුෂානි – නායිකාව (ශ්‍රී ලංකා යුධ හමුදාව), තක්ෂිලා ගුණසිංහ – පුහුණුකරු (ශ්‍රී ලංකා වරාය අධිකාරිය), සාගරි ගුණසිංහ – කණ්ඩායම් විනිසුරු, දීපිකා බණ්ඩාර (ශ්‍රී ලංකා නාවික හමුදාව)

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...