සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකරව්! බොදු පාලි සරසවිය වහා විවෘත කරනු! නමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද…

Date:

සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙසත්, වසා දමා ඇති පාලි හා බෞද්ධ සරසවිය වහා විවෘත කරන ලෙසත් ආණ්ඩුවට බල කරමින් අද(27) දින දහවල් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අසල විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය මගින් සංවිධානය කොට කොට තිබුණි.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට රැස් වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග පොලිසිය විසින් වරින් වර බාධා කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

උද්ඝෝෂකයින් ඉල්ලා සිටියේ අමාත්‍යංශයේ නිසි බලධාරියෙකු මුණ ගැසී තමන්ට ඇති ප්‍රශ්න සාකච්චා කිරීමට අවස්තාවක් ලබා දෙන ලෙසයි.

පසුව පොලීසිය විසින් 6 දෙනෙකුට සාකච්ඡාවට යා හැකි බව පවසා පසුව දෙදෙනෙකුට පමණක් අවසර දිය හැකි බව පවසා ඇත.

උද්ඝෝෂකයින් එම යෝජනාවට එකග වී සාකච්ඡාවට ගොස් ඇති අතර කිසිදු වගකීමක් ගත නොහැකි නිලධාරියෙකු මුණ ගස්වා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුලු අදාළ නිලධාරීන් මේ මස 30 වැනිදා මුණ ගැසීමට අවස්තාව සලසා දෙන බවට එහීදි පොරොන්දු වී ඇත.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...