දේවගැති ජෙරොම් යළි රිමාන්ඩ්!

Date:

කොළඹ LNW: දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා ජනවාරි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර තිබේ.

ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

ඔහු පසුගිය නොවැම්බර් 30 වැනිදා සහ දෙසැම්බර් 01 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුව ප්‍රකාශයක් ලබා දුන් අතර 01 වැනිදා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනුණි.

පසුගිය (29) දින ඔහු කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ අතර මුදල් ගෙවා පහසුකම් ලබා ගතහැකි VIP පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් අධිකරණ නියෝගයකට අනුව පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබුණි.

ඒ අනුවයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ.

ආගමික සහජීවනයට හානිකර ප්‍රකාශ සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් අනුව මෙම දේවගැතිවරයාට එරෙහිව විමර්ශනයක් වූ අතර එම විමර්ශනය අතරතුර ඔහු දිවයිනෙන් පිටව ගොස් තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...