කොළඹ පැල්පත්වාසීන්ට හොඳ කලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ වතු 26ක පුද්ගලයින් 61000 කට අධික පිරිසක් ජීවත් වන අතර එම පැල්පත් නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ , ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා ප්‍රකාශ කරයි.

පසුගිය දා ඉදිරිපත් කළ අයවැයේදි , ඔවුන්ට නිවාස ලබා දීම සඳහා නව යෝජනාවක් සම්මත වූ අතර, මේ යටතේ වතුවල ජීවත්වන පැල්පත්වාසීන්ට දෙස් විදෙස් ආයෝජකයින් විසින් නිවාස ඉදිකිරීමට නියමිතයි.

අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ , පැල්පත් වාසීන් ඒවායේ පදිංචි කරවීමෙන් අනතුරුව වතුවල ඉතිරි වන ඉඩ ප්‍රමාණය අයෝජකයින් සඳහා ආයෝජන ව්‍යාපෘතිවලට ලබාදෙන බවයි.

ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින්ගේ යෝජනා භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ , ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...