Wednesday, March 22, 2023
spot_img

Latest Posts

අගමැති, අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ දේහයට අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වූවේය.

කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අග්‍රාමාත්‍යතුමා, එතුමාගේ පවුලේ සමාජිකයන්ට සිය ශෝකය ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි ගුණරත්න වීරකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළමුව කරන්දෙණිය ප්‍රාදේශිය සභාවට තේරීපත්විය.

එතැන් පටන් පූර්ණ කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ කටයුතු කළ ගුණරත්න වීරකෝන් මහතා දකුණු පළාත් සභා අමාත්‍යවරයකු ලෙසත් පසුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව කැබිනට් අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කළේය.

දෙදරු පියෙකුවන ඒ මහතා මියයනවිට 74වැනි වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.