Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

අගමැති මහින්ද නව වසරේ ඩුබායි සංචාරයකට …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

ඩුබායිහි පැවැත්වෙන 2020 එක්ස්පෝ ප්‍රදර්ශනයෙහි ගෝලීය උත්සවය 2022 ජනවාරි 03 වනදාට යෙදී ඇති අතර එහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී ඇත.

ඒ අනුව ඒ මහතා ජනවාරි 02 වන දින ඒ සඳහා දිවයිනෙන් පිටව යෑමට නියමිතය.

කෙසේවෙතත් සමීප ආරංචිමාර්ග සඳහන් කළේ ඇතැම් විට සෞඛ්‍යමය හේතූන් මත අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට සහභාගී නොවීමට ද ඉඩ ඇති බවයි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.