රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බවත් නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් අතර අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා ඩොලර් මාෆියාවේ කප්පිත්තෙකු බව පැවසූ විපක්ෂ නායකවරයා ඔහු මේ රටේ සියලු පුරවැසියන් සමගත්, අපනයනකරුවන් සමගත් සෙල්ලම් කරමින් සිටින බවයි ප්‍රකාශ කළේ.

රටේ ආර්ථිකය විනාශ කරන්නට මුලපිරූ පුද්ගලයකු ඉල්ලා අස් වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා පොහොට්ටු ආර්ථික විනාශයේ මහ මොළකරු ඒ පුද්ගලයා බව ද පැවසීය. කෙසේ වෙතත් මේ රටේ ආර්ථිකය විනාශ කිරීමේ කිරීමේ වරදෙහි වග උත්තරකාරකමෙන් ඔවුන්ට නිදහස් වී යාමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ රටට මෙතරම් සාපයක් ගෙනආ මැති ඇමතිවරුන්ට ජනතාව අතරට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද සදහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” දෙවැනි දිනය වශයෙන් ඊයේ (27) අම්බලන්තොට නගරයේදී ජනතාව හමුවූ අවස්ථාවේදීය. නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකවරයා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ” පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...