කැබිනෙට්ටුවේ සාමූහිකත්වය රකින්න බැරි ඇමතිවරු ඉල්ලා අස්වෙන එක හොඳයි – ජනපති

Date:

කැබිනට් මණ්ඩලයේදී සාමූහිකව ගන්නා තීරණ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සියලු ඇමතිවරුන් පෙනී සිටිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එසේ සාමූහිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය නොහැකි නම් කැබිනට් ඇමති ධුරයෙන් ඉවත් වී කැබිනට් මණ්ඩලය ගන්නා තීරණ විවේචනය කිරීම වඩාත් සුදුසු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වමිනි.

කෙසේ නමුත් සාමූහික වගකීම ආරක්ෂා නොකර, වෙනස් මතයක් දරන ඇමතිවරුන් ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු සමාගමක් සමග ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය විවේචනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන කැබිනට් ඇමතිවරුන් විවිධ ප්‍රකාශ සිදුකළ අතර අදාල ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගයේදී ඔවුන් පෞද්ගලික නීතිඥවරුන් හරහා අධිකරණයේ පෙනී සිටීමටද තීරණය කර තිබිණි.

මීට අමතරව කැබිනට් මණ්ඩලය ගන්නා ඇතැම් තීරණය සම්බන්ධයෙන් විවිධ ඇමතිවරුන් පසුගිය කාලයේදී විවේචන ඉදිරිපත් කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...