ඊශ්‍රායෙල් සෞඛ්‍ය සේවකයන්ට සිව්වැනි එන්නත් මාත්‍රාවක් !

0
372

ඊශ්‍රායලයේ සෞඛ්‍ය සේවකයන් පිරිසකට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ සිව්වැනි මාත්‍රාවක්ද ලබා දී තිබෙනවා. මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පාලනය කිරීම සඳහා දෙවැනි වටයේ බූස්ටර් එන්නතක් ලෙස මෙම මාත්‍රාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අත්හදා බැලීමක් ලෙස සිව්වැනි මාත්‍රාව ලබා දී ඇති අතර එහි ප්‍රතිඵල තවත් සති දෙකකින් පමණ එරට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදෙන බවයි මෙම අත්හදා බැලීම සිදුකළ පර්යේෂකයන් පවසන්නේ.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් භාවිතා කිරීම ආරම්භ කළ පළමු රට ඊශ්‍රායලය වන අතර බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කළේද එරටිනි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here